Ethics Eye

දිවි තොර කරගැනීමට තැත් කිරීම් වගකීම් සහගතව වාර්තා කරමු!

දිවි තොර කරගැනීම් පිළිබඳ පුවත් සහ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ පුවත් දිනපතා පාහේ මාධ්‍ය තුළින් අසන්නට, දකින්නට ලැබේ.

එබැවින් සියදිවි තොර කරගැනීම් පිළිබඳ තිබෙනා මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධ මාර්ගෝපදේශවලට අනුව දිවි තොර කරගැනීම් සහ දිවි තොර කරගැනීමට තැත් කිරීම් පිළිබඳව වාර්තා කිරීමේදී ඉතා ප්‍රවේසම්ව සහ වගකීමෙන් යුක්තව වාර්තාකරණය වඩාත් යෝග්‍ය වේ.

2025.09.28 වන දින ස්වර්ණවාහිනී ප.ව.6.50 ප්‍රධාන පුවත් විකාශය තුළ දිවි තොර කරගැනීමට තැත් කළ පුවතක් වාර්තා කර තිබූ ආකාරය පහත පෙන්වා දී ඇත. එම වාර්තාකරණය තුළ දිවි තොර කරගැනීම් පිළිබඳ මාධ්‍ය ආචාර ධර්ම එහිදී අනුගමනය වී ඇති බව ඔබ සිතන්නේද?

මෙහිදී,

1) දිවි තොර කරගැනීමට උත්සහ කළ ආකාරය සහ ස්ථානය වාර්තා කිරීමෙන් සහ එයට ප්‍රමුඛත්වයක් ලබා දීමෙන් අනුකාරක දිවි තොර කරගැනීම් වලට අනුබලයක් ලැබිය හැක.

2) දිවි තොර කර ගත් හෝ දිවි තොර කරගැනීමට තැත් කළ අයගේ ඡායාරූප හෝ වීඩියෝ පළ නොකර යුතුය.මන්ද එම ඡායාරූප හෝ විඩියෝ පළ කිරීම ඔවුන්ගේ ගෞරවයට හානිකර විය හැකි අතර, පවුලේ සාමාජිකයන්ට දැඩි මානසික පීඩාවක් ඇති කල හැක.

3) දිවි තොර කරගැනීමට යම් පෙළඹවීමක් ඇති අයෙකුට, ඉන් ඔවුන් මුදා ගැනීමට,එම පුවතත් සමඟ හදිසි උපකාරක අංක පළ කිරීම වැදගත් වේ. උපකාරක අංකයක් සම්බන්ධ කරගැනීමෙන් ඔවුන්ට යම් මානසික සහනයක් මෙන්ම, දිවි තොර කරගැනීමේ සිතුවිලි වලින් ඉවත්වීමට යම් රුකුළක් ලැබිය හැක.

උපකාරක අංකයක් පළ කරමු. ජීවිතයක් රැක ගනීමු.

*1333-CCCline
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0112682535, 0112682570, 0112818860
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926

මේ ගැන තවදුරටත් දැනගන්න,මේ ලින්ක් එකට පිවිසෙන්න.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This