මාට්ටු ?
2025 සැප්තැම්බර් 22 දින සිට 26 දින දක්වා සතියක කාලයක් තුළ “මාට්ටු” ලෙස පුවත්පත් සිරස්තලයන්හී භාවිතා කළ වතාවන් ගණන පහත දක්වා ඇත.
සැබවින්ම මාධ්‍ය වාර්තාකරණයට “මාට්ටු” ලෙස භාවිතා කිරීම උචිත වන්නේ ද? නැත.
එසේ නම්, “මාට්ටු” යන්න මාධ්‍ය වාර්තාකරණයට නුසුදුසු වන්නේ ඇයි?
මාධ්‍ය සිදුවීම් වාර්තා කළ යුතු වන්නේ වඩාත් මධ්‍යස්ථව සහ අපක්ෂපාතීත්වයෙන් යුක්තවය. නමුත් “මාට්ටු” යන්නෙන් ප්‍රවෘත්තියකට අනවශ්‍ය නාටකීය බවක් එකතු වීමක් සිදු නොවන්නේද?
“මාට්ටු” වෙනුවට භාවිතා කළ හැකි වඩාත් නිවැරදි, මධ්‍යස්ථ විකල්ප වන්නේ:

අත්අඩංගුවට ගෙන ඇත

පොලිස් භාරයට ගෙන ඇත

සැකපිට අත්අඩංගුවට ගෙන ඇත
ප්‍රවෘත්ති වාර්තාකරණයේදී වඩාත් වගකීමෙන් සහ ප්‍රමිතියෙන් යුතුව භාෂාව හසුරුවමු.


0 Comments