අප සමාජයේ ම කොටසක් වන ආබාධ සහිතව ජීවත් වන්නවුන් හැඳින්වීමේදී, ඔවුන්ගේ ගරුත්වය ආරක්ෂා වන, ඔවුන්ව කිසිම ලෙසකින් කොන් කිරීමකට ලක් නොවන භාෂාවක් භාවිතය මාධ්‍ය වාර්තා සඳහා ද අත්‍යවශ්‍ය වේ.
එහිදී ආබාධ සහිතව ජීවත් වන්නවුන්ගේ එම ආබාධයන් පුවතට අදාළ වන්නේ නම්, එම ආබාධ පිළිබඳව නිවැරදි දැනුමක් ලබා දීම අවශ්‍ය කරුණක් වේ.
එමෙන්ම ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කිරීම, ඔවුන් කෙරෙහි සමාජය දක්වන ආකල්ප දියුණු කිරීමට විශාල දායකත්වයක් සපයයි.
එබැවින් ‘දෘෂ්‍යාබාධිත’ වෙනුවට ‘දෘෂ්‍ය ආබාධ සහිත’ යන්න වඩාත් යෝග්‍ය වේ. (2026.10.21 සහ 2026.10.22 දිනයන්හි අරුණ සිංහල පුවත්පත් ඇසුරිණි.) පුද්ගල – ප්‍රථම භාෂාවක් භාවිත කිරීමේ වැදගත්කම ගැන දැනගන්න පහත සබැඳිය click කරන්න.


0 Comments