එම වාර්තාකරණයන් තුළ තිබූ දිවි තොරකර ගැනීම් වාර්තා කිරීම සම්බන්ධ මාධ්ය ආචාර ධර්ම උල්ලංඝනයන් අපි පෙන්වා දුන්නෙමු (එයට පිවිසීම මෙතනින්: https://www.facebook.com/share/p/1BYfAyDtM5/ ) අද ලංකාදීප කතුවැකිය (සැප් 10, 2025) තුළ එම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත්...
Ethics Eye
වැලිමඩ ප්රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් සිය දරුවා සමඟ සිය දිවි හානි කරගැනීමට තැත් කිරීමේ පුවතක් සැප්තැම්බර් 9, 2025 දින පුවත්පත් වල වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
මෙම සිදුවීම දිවි නසා ගැනීමේ තැතක් ලෙස වාර්තා කළ තිබුනත්, කිසිඳු වාර්තාකරණයක් උපකාරක අංක සඳහන් කර නොතිබිණි! මෙවැනි පුවත් වාර්තා කරන විට උපකාරක අංකයක් සඳහන් කිරීම වැදගත් වන්නේ ඇයි? එමඟින් සියදිවි නසාගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුගේ ජීවිතයක් ගලවා ගැනීමට මහඟු උපකාරයක් විය...
එකම වරදකට කාන්තා සහ පිරිමි යන දෙකොටසම අත්අඩංගුවට පත්වූ විටකදී පවා, ඇතැම් මාධ්ය කාන්තාවන් පමණක් ඉස්මතු කොට දක්වනු දක්නට ලැබේ.
ලංකාදීප පුවත්පත තුළ (සැප්තැම්බර් 9, 2025) වාර්තා වූ පුවතක් මෙහිදී නිදසුන් ලෙසින් ගත හැක. සිරස්තලය: "ලුනාවේ ගෑනු 11ක් ජයටම සූදු කෙළලා"අන්තර්ගතය: "සූදු පිටියක් පවත්වාගෙන ගිය බව කියන කාන්තාවෝ එකොළොස් දෙනෙකු ඇතුළු පහළොස් දෙනෙකු" යම් වරදක් සම්බන්ධයේදී කාන්තාවන් පමණක්...
හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත කිරීමේ පුවත සැප්තැම්බර් 10, 2025 දින රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 10, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන්...
මිද්දෙනිය සිද්ධියේ දේශපාලන සබදතා ගැන ප්රකාශයක් කිරීම පිළිබඳව නියෝජ්ය ඇමති සුනිල් වටගලට පොහොට්ටුවෙන් එන්තරවාසියක් ගොනු කිරීමේ පුවත සැප්තැම්බර් 10, 2025 දින රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 10, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන්...
ලිංගික අපරාධයන් වාර්තා කිරීමේදී, මාධ්ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු කොට දැක්වීම මගින්, ඒවා සමාජය තුළ සාමාන්යකරණය කොට සලකන ආකල්පයක් ඇති වීමේ අවදානමක් ඇති හෙයිනි.
නිදසුනක් ලෙසට, විදේශීය කතකට සිදු වූ ලිංගික අතවර සිදුවීම දිණමින සහ අරුණ පුවත්පත් (සැප්තැම්බර් 16, 2025) වාර්තා කර ඇති අන්දම සලකා බැලිය හැක. ඔබ සිතන ලෙසට, 1) ලිංගික අපයෝජනයක් "අමුතු වැඩක් හෝ කැත වැඩක්" ලෙසින් සිරස්තල තුළ දැක්වීම, එම වරද සැහැල්ලු කොට වාර්තා කිරීමක්...
දිවිතොර කර ගැනීමේ පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට නැඹුරුතාවයක් ඇති අයට මෙවැනි වාර්තාකරණයන් දිවි තොර කර ගැනීමට උත්ප්රේරණයක් විය හැක.
එසේනම් මෙවැනි පුවත් වගකීමෙන් වාර්තා කිරීමට මාධ්යය කටයුතු කිරීම වැදගත් වේ. අපි අද දිනයේ වාර්තා වූ දිවි තොර කර ගැනීමේ පුවතක් දෙස බලමු. පුවත - තම වැඩිමහලු සොහොයුරිය සහ ඇගේ දරුවා සමග වාසය කල 28 හැවිරිදි තරුණියක් දිවිතොර කර ගැනීමේ පුවතක් අද දින (සැප්තැම්බර් 16, 2025) අරුණ...
විදේශිකයින් හැඳින්වීමට ඇතැම් විට මාධ්ය යොදාගන්නා “චීනා” වැනි යෙදුම් වල ඇති ගැටළුකාරී බව අපි මින් පෙරද පෙන්වා දී ඇත්තෙමු.
පසුගිය 15 වැනි දින නිසි අවසරයකින් තොරව ඩ්රෝන යානයක් උපයෝගී කරගනිමින් ශ්රී දළදා මාලිගාව ආශ්රිත අධි ආරක්ෂිත කලාපය වීඩියෝ ගත කළ බව කියන චීන ජාතිකයෙකු ශ්රී දළදා මාලිගාව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ පිළිබඳ පුවත සඳහන් කරමින් 2025.09.17 වන දින මව්බිම සහ අරුණ...
Ethics Eye නිතර මතු කරන ගැටලුවක් වන්නේ ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී, බොහෝවිට සිරස්තල තුළ ඒ සම්බන්ධයෙන් හැඳින්වීමට යොදා ගන්නා භාෂා භාවිතය අනුව, ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් සැහැල්ලු කොට නොදැක්වෙන්නේද යන්නයි.
පුවතක් සන්නිවේදනය කිරීමේ දී එහි සිරස්තලයේ ඇති වැදගත්කම සලකා බලන විට, ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් සැහැල්ලු කොට දක්වන සිරස්තල යොදා ගැනීම, එවැනි අපරාධ සම්බන්ධයෙන් සැහැල්ලු ආකල්පයක් සමාජගත වීම සඳහා හේතු වීමේ අවදානමක් නොමැතිදැයි පාඨක අප එසේම ප්රශ්න කළ යුතු වේ....
අමාත්ය වසන්ත සමරසිංහගේ වත්කම් සම්බන්ධයෙන් ගැටලු ඇති බවට සජබයේ දූෂණ විරෝධී බළවේගයෙන් දූෂණ විරෝධී කොමිසමට පැමිණිලි. මෙම පුවත සැප්තැම්බර් 17, 2025 දින රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 17, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන්...










