Ethics Eye

විදේශිකයින් හැඳින්වීමට ඇතැම් විට මාධ්‍ය යොදාගන්නා “චීනා” වැනි යෙදුම් වල ඇති ගැටළුකාරී බව අපි මින් පෙරද පෙන්වා දී ඇත්තෙමු.

පසුගිය 15 වැනි දින නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානයක් උපයෝගී කරගනිමින් ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපය වීඩියෝ ගත කළ බව කියන චීන ජාතිකයෙකු ශ්‍රී දළදා මාලිගාව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ පිළිබඳ පුවත සඳහන් කරමින් 2025.09.17 වන දින මව්බිම සහ අරුණ පුවත්පත් සිරස්තල මඟින් එම චීන ජාතික පුද්ගලයාව හඳුන්වා දී ඇත්තේ පහත අයුරිනි.

අරුණ – “චීනා”
මව්බිම – “චීන ජාතිකයා”
නමුත් පුවත්පත් ද්විත්වයම එම පුවතේ අන්තර්ගතය තුළ චීන ජාතිකයා ලෙස භාවිතා කර ඇත.
එසේ නම් පුවත් අන්තර්ගතයේ භාවිතා කළ පරිදි ”චීන ජාතිකයා” යන්න සිරස්තලය තුළත් යොදා ගැනීම උචිත නොවේද?
විශේෂයෙන්ම ඍණාත්මක පසුතලයක් තුළ, චීන ජාතිකයින් හැඳින්වීම සඳහා යොදාගැනෙනා “චීනා”, ඔවුන් සම්බන්ධයෙන් සමාජය තුළ අවමානාත්මක ආකල්පයන් ජනිත නොකරන්නේ ද?

විදෙස් ජාතීන් හැඳින්වීමට කොන් කරන සුළු යෙදුම් භාවිතා නොකරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This