නව COVID 19 ප්‍රභේදය ලංකාවේ ව්‍යාප්තිය සහ ඊට අදාළ පුවත් ජූනි 2, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ මෙසේය. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 2, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...
Ethics Eye
මාධ්‍ය තුළට උචිත භාෂාවක්
මාධ්‍ය තුළ විවිධ ජාවාරම් කරන්නන් හැඳින්වීමට ඇතැම් විට භාවිත වන "ජාවාරමා" වැනි යෙදුම් ගැටළුකාරී නොවේදැයි Ethics Eye විසින් මින් පෙරද අසා ඇත. යම් කිසි පුවතක් වාර්තා කිරීමේදී මාධ්‍ය සැළකිලිමත් විය යුත්තේ, යම් පූර්ව විනිශ්චයක් ලබාදීමක් හෝ පූර්ව විනිශ්චය ඇති කරවීමක් නොකොට,...
අදාළ නොවන සන්දර්භයන් තුළ වාර්ගිකත්වය ඉස්මතු නොකරමු!
යම් පුවතකට සෘජුව අදාළ නොවන අවස්ථාවන්හිදී වාර්ගිකත්වය සඳහන් නොකළ යුතු බව, මාධ්‍ය ආචාර ධර්ම මාර්ගෝපදේශයන් හි දැක්වේ. පුවතට අදාළ නොවන සෘණාත්මක සන්දර්භයන් තුළ වාර්ගිකත්වයන් ඉස්මතු කොට දැක්වීමේ ගැටළුව වන්නේ, ඒ ඔස්සේ එම වාර්ගිකත්වයන් සෘණාත්මකව රූපණයු වීමට ඇති හැකියාවයි....
ලේබල් කිරීම් නැතුව බැරි ද?
මහජන සෞඛ්‍ය ගැටළුවක් වන මත්ද්‍රව්‍ය භාවිතය සහ ඊට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී මාධ්‍ය අත ඉතා විශාල වගකීමක් ඇත. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු කාරණා හේතුවෙන් සිදුවන, පුනරුත්ථාපනයෙන් විසඳිය හැකි තත්ත්වයක් මිස හුදු 'මතට ලොල්' වීමක් නොවේ....
ආබාධිතයන් ද? ආබාධ සහිත පුද්ගලයන් ද?
ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමේදී ඔවුන්ගේ ආබාධය නොව පුද්ගල ප්‍රමුඛ භාෂාවක් භාවිතා කිරීමේ වැදගත්කම Ethics Eye හරහා අපි බොහෝ විට මතු කර ඇත්තෙමු. පහත දක්වා ඇති සිරස්තල දෙස බලමු. අරුණ (මැයි. 28, 2025) *සිරස්තලය - "විශේෂ ආධාරක උපකරණ සඳහා ආබාධිතයන්ට දෙන ආධාර මුදල ඉහළට"...
දිවි තොර කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු.
වයඹ අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සිසුවියක් දිවි තොර කර ගැනීම මාධ්‍ය ආවරණය කර තිබිණි. දිවි තොර කරගැනීම් සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය නොකිරීමෙන් ඇතිවිය හැකි ගැටලු වන්නේ; දිවි තොර කර ගත් ආකාරය සඳහන් කිරීම ඔස්සේ, එම ආකාරය අනුගමනය කරනා අනුකාරක...
“සුරූපී” – සුදුසු සිරස්තලයක් ද?
කාන්තාවක් සම්බන්ධ වන යම් කිසි පුවතක් ඉදිරිපත් කිරීමේදී ඇතැම් මාධ්‍ය "සුරූපී", "රූමත්" වැනි විශේෂණ පද භාවිතා කරමින් එම කාන්තාවගේ බාහිර ස්වරූපය සඳහන් කිරීම Ethics Eye විසින් නිතර මතු කරන කරුණකිි. පහත සඳහන් පුවතෙහි දැක්වෙන ආකාරයට ‘රූපයට’ අමතරව වෙනත් නිර්ණායකන් කිහිපයක්...
මේ ඔබේ පවුලේ කෙනෙකු නම් ඔබ මේ වාර්තාකරණය අනුමත කරනවා ද?
පානදුර ප්‍රදේශයේ තරුණියක් දිවි තොර කර ගැනීමේ පුවතක් අරුණ පුවත්පත (මැයි 26, 2025) වාර්තා කර ඇති ආකාරය විමසා බැලිය හැක. * එම තරුණියගේ ඡායාරූපයක් පළ කර ඇත. * දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත. * සිත් තැවුලට පත් 23 හැවිරිදි "රූමත් තරුණියක්" ලෙස හඳුන්වා ඇත. *...
පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා නොකිරීම
2025 වර්ෂයේ පළමු කාර්තුවේ (1 ජනවාරි සිට 31 මාර්තු) තුළ වාර්තාකරණයේදී ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමට "ආබාධිත" යන යෙදුම වැඩි වශයෙන්ම භාවිතා කළ පුවත්පත් තුන මෙසේ දැක්විය හැක. ආබාධ සහිත වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී යෝග්‍ය භාෂාවක් ලෙසින් ලෝකයේ පිළිගැනෙන භාවිතයක් වන්නේ,...
ඔබට වෙනස පෙනෙනවාද?
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ පුවත අරුණ සහ ලංකාදීප වාර්තා කර තිබුණේ පහත අයුරිනි. අරුණ - "තුසිත හල්ලොලුවගේ රියට වෙඩි තැබීම: සැක...










