මාධ්‍යයේ සදාචාරාත්මක වගකීම ඉටු කරමින් මානූෂීය ගෞරවය සුරකිමු!
Education
‘ආබාධිතයා’ ලෙස භාවිතා කිරීමෙන් පුද්ගලයාව ලේබල් කිරීමක් සිදු කරයි. එසේනම් නිවැරදි භාවිතය කුමක්ද?
ගැටලුව: “ගෑනු වැඩක් කළා”, “ගෑනුන්ගේ මොළේ හැඳි මිටේ”, “චීත්ත වැඩ කරන්න එපා” වැනි ප්‍රකාශ එදිනෙදා සංවාදවලදී ඔබ අසා තිබෙනු ඇති. වාර්තාකරණය A හි මෙන්, මාධ්‍ය ද ඇතැම් විට කාන්තාවන් අතින් සිදුවන වැරදි හෝ දුර්වල තීරණ ගැන වාර්තා කිරීමේදී මෙවැනි ව්‍යවහාරයන් භාවිතා කරනු ලබයි. නමුත් මෙවන් භාෂා භාවිතයක් මඟින් කාන්තාවන් ස්වභාවයෙන්ම බුද්ධියෙන් අඩු, දක්ෂතාවයෙන් හීන හෝ ගෘහස්ථ වැඩවලට පමණක් සුදුසු පිරිසක් ලෙස නිරූපණය නොකරන්නේද?
බලපෑම: කාන්තාවන් ස්වභාවයෙන්ම පහත් හෝ දක්ෂතාවයෙන් අඩු පිරිසක් යන හානිකර ඒකාකෘතිය තවදුරටත් තහවුරු විය හැක. විසඳුම: යම් වැරැද්දක් හෝ වැරදි තීරණයක් විස්තර කිරීමේදී ඒ සඳහා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් උපහාසාත්මක යෙදුම් යොදා නොගනිමු. කාන්තාවන් ස්වභාවයෙන්ම පහත් බව හැඟවෙන...
ගැටලුව: පුවත් වාර්තාකරණය තුළ අපරාධයට මුහුණ දුන් පුද්ගලයාට දොස් පැවරීම බහුලව නිරීක්ෂණය වන අතර, එය ඇඳුම් පැළඳුම්, හැසිරීම, සබඳතා හෝ පෞද්ගලික ඉතිහාසය පිළිබඳ අදහස් දැක්වීම් හරහා ඉතා සූක්ෂ්ම ලෙස සිදුවිය හැකිය. වාර්තාකරණය A හි “වැරදි පාරක ගිහින්” යන වැකිය තුළින් සිදු කෙරෙනුයේ මෙය නොවේද?
බලපෑම: අපරාධයට මුහුණ දුන් පුද්ගලයා මත අපරාධයේ වගකීම පැටවීමෙන් ඔවුන් මානසිකව පීඩාවට පත් විය හැකි අතර, අපරාධ වාර්තා කිරීමට අධෛර්යවත් වීම නිසා යුක්තිය පසිඳලීමට ද බාධා ඇති විය හැකිය. විසඳුම: ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා කිරීමේදී අපරාධයට මුහුණ දුන් පුද්ගලයා පිට වරද...
අපරාධයට මුහුණ දුන් පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළිදරව් වූ පසු එයින් සිදුවන හානිය යථා තත්ත්වයට පත් කළ නොහැක.
එබැවින් වගකීම් සහගත වාර්තාකරණයක නියැළෙමු!
ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා කිරීමේදී සංවේදී වාර්තාකරණයක නියැළෙමු!
ලිපිය කියවීමට පෙර අපේ අවධානය බොහෝ විට යොමු වන්නේ දෘශ්‍ය රුපවලටය.
ගෞරවය හඟවන රූප භාවිතා කිරීම මගින් පුද්ගලයින් අනවශ්‍යය ලෙස අවදානමට ලක්වීම, සමච්චලයට ලක්වීම හෝ කැමැත්තකින් තොරව ඔවුන්ගේ අනන්‍යතාව හෙළිදරව් වීම වළක්වා ගත හැකි වේ. ගෞරවය ප්‍රරමුඛ කරගත් වාර්තාකරණයක...










