ගැටලුව: පුවත් වාර්තාකරණය තුළ අපරාධයට මුහුණ දුන් පුද්ගලයාට දොස් පැවරීම බහුලව නිරීක්ෂණය වන අතර, එය ඇඳුම් පැළඳුම්, හැසිරීම, සබඳතා හෝ පෞද්ගලික ඉතිහාසය පිළිබඳ අදහස් දැක්වීම් හරහා ඉතා සූක්ෂ්ම ලෙස සිදුවිය හැකිය. වාර්තාකරණය A හි “වැරදි පාරක ගිහින්” යන වැකිය තුළින් සිදු කෙරෙනුයේ මෙය නොවේද?
බලපෑම: අපරාධයට මුහුණ දුන් පුද්ගලයා මත අපරාධයේ වගකීම පැටවීමෙන් ඔවුන් මානසිකව පීඩාවට පත් විය හැකි අතර, අපරාධ වාර්තා කිරීමට අධෛර්යවත් වීම නිසා යුක්තිය පසිඳලීමට ද බාධා ඇති විය හැකිය.
විසඳුම: ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා කිරීමේදී අපරාධයට මුහුණ දුන් පුද්ගලයා පිට වරද නොපටවා, අපරාධකරු පමණක් වගවීමට ලක් කරමු. වාර්තාකරණය B හරහා මෙය සිදු වී ඇති බව ඔබ එකඟ නොවන්නේද?


0 Comments