“ජාවාරමා” මාධ්‍යයට උචිත ද?
2026 ජනවාරි 08 දින , ලංකාදීප පුවත්පතේ පළ වූ “හත් දෙනකුට මරු කැඳවූ කසිප්පු පෙරූ මහ ජාවාරමා අත්අඩංගුවට” යන සිරස්තලය සලකා බලමු.
සිරස්තලයේ “ජාවාරමා ” ලෙස සඳහන් කර ඇත.
එහි අන්තර්ගතයේ “ජාවාරම්කරුවකු” ලෙස සඳහන් කර ඇත.
මේ අතරින් නිවැරදි භාවිතය “ජාවාරමා” ද? “ජාවාරම්කරු” ද??
නිවැරදි භාවිතය වන්නේ, “ජාවාරම්කරු””
යම් කිසි පුවතක් වාර්තා කිරීමේදී, එම සිදුවීම හෝ ඊට අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් යම් පූර්ව විනිශ්චයක් ලබාදීමක් හෝ පූර්ව විනිශ්චය ඇති කරවීමක් නොකොට, අදාළ පුවත කරුණු වශයෙන් ඉදිරිපත් කිරීම අතිශයින්ම වැදගත් වේ.
එහිදී, පුවත් සිරස්තලයන් සහ අන්තර්ගතයන් සඳහා යොදාගන්නා භාෂාව කෙතරම් දුරට සෘණාත්මක ලේබල්කිරීම් වලින් සමන්විත වන්නේ ද, ඒ ඔස්සේ සමාජයට ලැබෙන පණිවුඩය කුමක් වන්නේ ද යන කරුණුද ඉතාම වැදගත් වනු ඇත.
මෙවැනි සෘණාත්මක සන්දර්භයන් තුළ යෙදෙන ලේබල් කිරීම් ඔස්සේ, යම් සිදුවීමක් සම්බන්ධයෙන් පාඨකයා වෙත සමබර තොරතුරු ඉදිරිපත් වනු වෙනුවට, පූර්ව විනිශ්චයකින් යුක්ත, පක්ෂග්‍රාහී අදහස් ඇති කරවිය හැකි අන්තර්ගතයන් ලබා නොදෙන්නේද?
ඒ අනුව බලන විට, “ජාවාරමා” වැනි යෙදුම් වෙනුවට, “ජාවාරම්කරු”, “සැකකරු” වැනි යෙදුම් වඩාත් උචිත නොවන්නේ ද?
පූර්ව විනිශ්චය ඇති කරවීමක් නොකොට අදාළ පුවත පමණක් වාර්තා කරමින් වගකීම් සහගත වාර්තාකරණයක නියැලෙමු.


0 Comments