Ethics Eye

අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අපරාධය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධයකට ලක්කිරීමේ සිද්ධිය මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක්වී තිබිණි.

රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ එම ලිංගික අපරාධය හැඳින්වීමට භාවිතා කළ යෙදුම් පහත පරිදි දැක්විය හැක.

ස්වර්ණවාහිනී සහ දෙරණ නාලිකා මෙම ලිංගික අපරාධය දැක්වීමට “දූෂණය” හා “කෙලෙසූ” යන යෙදුම් භාවිතා කර ඇත.

ලිංගික අපරාධයන් හැඳින්වීම සඳහා “දූෂණය” හෝ “කෙලෙසීම” යන යෙදුම් භාවිතයේ ඇති ගැටළුව වන්නේ, ඒ ඔස්සේ ලිංගික අපරාධයකට මුහුණ දුන් අයෙකු අපවිත්‍ර වී ඇති බවක් ගම්‍ය වීමයි. එමගින්, ලිංගික අපරාධයන්ට මුහුණ දුන් අය සම්බන්ධයෙන් සමාජය තුළ තවමත් පවත්නා කොන් කිරීමේ ආකල්පයන් තවදුරටත් තීව්‍ර වීය හැකියි.

ලිංගික අපරාධ වගකීමෙන් යුතුව වාර්තා කරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This