Ethics Eye

එකම සිරස්තලයක ගැටල්‍ය් තුනක්?

පහත දැක්වෙනුයේ 2025 නොවැම්බර් 17 වන දින දිනමිණ පුවත්පතෙහි, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව පළ වූ සිරස්තලයෙහි හඳුනාගත් ප්‍රධාන ගැටලු තුනකි.

ගැටලු තුන:
-සැකකරුවන් “ජාවාරමුන්” ලෙස හැඳින්වීම.
-අත්අඩංගුවට ගැනීම වෙනුවට “මාට්ටු” යන්න යෙදීම.
-මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවෙකු හැඳින්වීමට “මත් ලෝලියා” ලෙස යෙදීම.

1. “ජාවාරමුන්” ලෙස හැඳින්වීම

*ගැටලුව: යම් සැකකරුවෙකු “ජාවාරමා” ලෙස හැඳින්වීම මගින් සිදුවන්නේ ක්‍රියාව විස්තර කරනවා වෙනුවට, පුද්ගලයාගේ චරිතය පාදක කරගනිමින් පූර්ව විනිශ්චයක් ලබාදීමයි. මෙමඟින් කියවන්නාගේ සිතේ අගතිගාමී චිත්‍රයක් මවා ස්වාධීනව සිතීම වැලැක්විය හැක.

*ිවිසඳුම: පුද්ගල චරිත ඝාතනය කරන යෙදුම් වෙනුවට, නීතිමය ක්‍රියාවලිය අවසන් වන තෙක් “සැකකරුවන්” වැනි මධ්‍යස්ථ වචන භාවිතා කිරීම හෝ සිද්ධිය පමණක් වාර්තා කිරීම.

2.”මාට්ටු” යන්න යෙදීම

*ගැටලුව: “මාට්ටු” යන්නෙන් ප්‍රවෘත්තියකට අනවශ්‍ය නාටකීය බවක් එක් කරන අතර, ඔවුන් දැනටමත් වරදකරුවන් ලෙස සිතීමට පාඨකයා තුළ පෙළඹවීමක් ඇති විය හැක.

*විසඳුම: මේ වෙනුවට භාවිතා කළ හැකි වඩාත් නිවැරදි හා මධ්‍යස්ථ විකල්ප වනුයේ:

“අත්අඩංගුවට ගෙන ඇත”

“පොලිස් භාරයට ගෙන ඇත”

“සැකපිට අත්අඩංගුවට ගෙන ඇත”

3. “මත් ලෝලියා” ලෙස හැඳින්වීම

*ගැටලුව: මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම යනු සංකීර්ණ කරුණු සමුදායක් හේතු කොට ගෙන සිදුවන, පුනරුත්ථාපනයෙන් සුව කළ හැකි තත්ත්වයක් මිස, හුදෙක් “ලොල් වීමක්” නොවේ. “මත්ලෝලී” වැනි යෙදුම් ඔස්සේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් වැරදි අදහස් සමාජගත වේ.

*විසඳුම: “මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු” වැනි යෙදුමක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ.

වගකීම් සහගත වාර්තාකරණයක නියැලෙමු! 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This