Ethics Eye

කාන්තාව පමණක් සෘණාත්මක ලෙස හුවා නොදක්වමු!

-2026 ජනවාරි 26 වන දින බදුල්ල ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන අතරතුර, සැකකරුවන් 5 දෙනෙකු අඹගස්දෝව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

-එම පුවත පිළිබඳ 2026.01.28 දින ලංකාදීප පුවත්පතේ පළ වූ සිරස්තල හරහා හඳුනාගත හැකි ප්‍රධාන ගැටලු දෙකක් මෙසේය.

01. කාන්තාව පමණක් සෘණාත්මක ලෙස ඉස්මතු කිරීම

මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූ පිරිස අතර පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවයම සිටියදී, “කතුන් 3 ක්” (කාන්තාවන්) යනුවෙන් විශේෂ කොට දැක්වීම කෙතරම් ආචාර ධාර්මිකද?

මෙවැනි සිරස්තල මගින් අපරාධයට වඩා ලිංගභේදය ඉස්මතු කිරීම හරහා, කාන්තාව දෙස පමණක් වරදකාරී දෘෂ්ටියකින් බැලීමට සමාජය පොළඹ නොවන්නේද?

02. “මාට්ටු” සහ පූර්ව විනිශ්චය

නීතිමය ක්‍රියාදාමය පසෙක ලා “මාට්ටු” යන්න භාවිතය තුලින් ප්‍රවෘත්තියකට අනවශ්‍ය නාටකීය බවක් එක් කෙරිය හැකි අතර, ඔවුන් දැනටමත් වරදකරුවන් ලෙස සිතීමට පාඨකයා තුළ පෙළඹවීමක් ඇති විය නොහැකිද?

වගකීම් සහගත වාර්තාකරණයක් වෙනුවෙන් පෙළගැසෙමු! 



0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This