Education Ethics Eye

ගැටලුව: “ගෑනු වැඩක් කළා”, “ගෑනුන්ගේ මොළේ හැඳි මිටේ”, “චීත්ත වැඩ කරන්න එපා” වැනි ප්‍රකාශ එදිනෙදා සංවාදවලදී ඔබ අසා තිබෙනු ඇති. වාර්තාකරණය A හි මෙන්, මාධ්‍ය ද ඇතැම් විට කාන්තාවන් අතින් සිදුවන වැරදි හෝ දුර්වල තීරණ ගැන වාර්තා කිරීමේදී මෙවැනි ව්‍යවහාරයන් භාවිතා කරනු ලබයි. නමුත් මෙවන් භාෂා භාවිතයක් මඟින් කාන්තාවන් ස්වභාවයෙන්ම බුද්ධියෙන් අඩු, දක්ෂතාවයෙන් හීන හෝ ගෘහස්ථ වැඩවලට පමණක් සුදුසු පිරිසක් ලෙස නිරූපණය නොකරන්නේද?

බලපෑම: කාන්තාවන් ස්වභාවයෙන්ම පහත් හෝ දක්ෂතාවයෙන් අඩු පිරිසක් යන හානිකර ඒකාකෘතිය තවදුරටත් තහවුරු විය හැක.

විසඳුම: යම් වැරැද්දක් හෝ වැරදි තීරණයක් විස්තර කිරීමේදී ඒ සඳහා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් උපහාසාත්මක යෙදුම් යොදා නොගනිමු. කාන්තාවන් ස්වභාවයෙන්ම පහත් බව හැඟවෙන වාග් රූප භාවිතයෙන් වළකිමු.

වාර්තාකාරණයේදී ගෞරවනීය භාෂා භාවිතයක යෙදෙමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This