ගැටලුව: මාධ්‍ය තුළ බොහෝ විට LGBTQIA+ අනන්‍යතාවය ඉස්මතු කරන්නේ අපරාධ, අනතුරු, මරණ හෝ වෙනත් සෘණාත්මක සිදුවීම් පිළිබඳ වාර්තාකරණයේදීය. එම ප්‍රජාවගේ වෘත්තීය ජයග්‍රහණ, ප්‍රජා දායකත්වයන් වැනි ධනාත්මක සන්දර්භයන්හිදී LGBTQIA+ අනන්‍යතාවය ඉස්මතු කරනු ලබන්නේ ඉතා කලාතුරකිනි.
බලපෑම: කිසියම් පුද්ගල අනන්‍යතාවක් වැරදි ක්‍රියාවන්, අපකීර්තිමත් සිද්ධි හෝ හානිකර සිදුවීම් සමඟ පමණක් නැවත නැවතත් සම්බන්ධ කර දැක්වීම හරහා, “LGBTQIA+ පුද්ගලයන් එවැනි සිදුවීම්වලට සම්බන්ධ වීමට වැඩි ඉඩකඩක් ඇති පිරිසක්ය” යන වැරදි හැඟීම ඇති විය හැකිය.
විසඳුම: පුද්ගල අනන්‍යතාව සැබවින්ම අදාළ වන අවස්ථාවලදී (උදා: වෙනස්කොට සැලකීම්, ප්‍රතිපත්ති හෝ අයිතිවාසිකම් පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී), ඒ පිළිබඳව නිවැරදිව සහ අදාළ සන්දර්භය සහිතව වාර්තා කිරීම වඩා වගකීම් සහගත නොවේද? මෙලෙස ගත කළ වාර්තාකරණය B වඩාත් ගෞරවනීය වාර්තාකරණයක් බව ඔබ එකඟ නොවන්නේද ?
ගෞරවනීය පුවත් වාර්තාකරණයක නියැළෙමු!


0 Comments