ගැටලුව: වාර්තාකරණය තුළ LGBTQIA+ ප්‍රජාව නිරූපණය කිරීමට බොහෝ විට LGBTQIA+ අනන්‍යතාවන් දෝෂ සහිත, හාස්‍යජනක හෝ සදාචාරාත්මක වශයෙන් ප්රශ්නකාරි බවට හැඟවෙන යෙදුම් භාවිත කිරීම දක්නට ලැබේ. එය අනිවාර්යයෙන්ම චේතනාන්විතව සිදු වන්නක් නොව, දීර්ඝ කාලීනව භාවිතා වන වාග් මාලාවක් භාවිතා කිරීම නිසා සිදු වන්නක් විය හැක.
බලපෑම: පුවත් වාර්තා කිරීමේදී මෙවැනි යෙදුම් භාවිතා කිරීම හේතුවෙන් ඒවායින් හැඟවෙන වැරදි නිගමනයන් සත්‍ය කරුණු ලෙස සමාජගත වීමේ අවදානමක් පවතී. එමඟින් LGBTQIA+ ප්‍රජාව කෙරෙහි හානිකර මෙන්ම අපවාදාත්මක ආකල්ප තහවුරු වීම සිදු විය හැක.
පුවත් වාර්තාකරණයේදී LGBTQIA+ පුද්ගලයන් ගෞරවනීය ලෙස නිරූපණය කරමු!
නිවැරදි භාෂා භාවිතයක් උදෙසා මූලාශ්‍ර පහතින්


0 Comments