Ethics Eye

දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

2026.10.01 දින තෝරාගත් සිංහල පුවත්පත් සහ වෙබ් පිටු ඇසුරින්.

උපකාරක අංක පළ කළ යුත්තේ ඇයි?

මෙමඟින් පීඩාවට පත් අයෙකුට ක්ෂණිකව සහාය වීමටත්, අවදානම් සිතුවිලි වෙනතකට යොමු කර ජීවිත රැක ගැනීමටත් සෘජුවම හැකියාව ලැබේ.

දිවි තොර කරගත් ආකාරය වාර්තා නොකළ යුත්තේ ඇයි?

මෙමඟින් දිවි තොර කර ගැනීමට හෝ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ නැඹුරුතාවයක් ඇති පුද්ගලයන් එය අනුකරණය කිරීමට පෙළඹිය හැක.

දිවි තොර කරගැනීමට පෙර අවසන් වරට ලියූ ලිපිවල කොටස් පළ නොකළ යුත්තේ ඇයි?

මෙමඟින් අනුකාරක දිවි තොර කර ගැනීම් සඳහා අනුබල දීමක් සිදු විය හැක.

දිවි තොර කරගැනීම් සම්බන්ධ පුවත් ප්‍රමුඛත්වයෙන් යුතුව/සිරස්තල තුළ වාර්තා නොකළ යුත්තේ ඇයි?

මෙමඟින් දිවිතොර කරගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකුට එය උත්ප්‍රේරකයක් විය හැක. පර්යේෂණවලට අනුව, මෙවැනි පුවත් නිරන්තරයෙන් දැකීමෙන් මානසිකව පීඩාවට පත් වූවන් එම ක්‍රියාවන්ට පෙළඹීමට දැඩි අවදානමක් (Suicide Contagion) ඇති කළ හැක.

මිය ගිය අයගේ ඡායාරූප පළ නොකළ යුත්තේ ඇයි?

මෙමඟින් ඔවුන්ගේ ගෞරවයට හානියක් වන අතර, ශෝකයෙන් සිටින පවුලේ සාමාජිකයන්ට දැඩි මානසික පීඩාවක්/කම්පාවක් ඇති කළ හැක.



0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This