බීමත් රියැදුරු පිරිමි නම්, මෙසේ ඉස්මතු කරයිද?
පෙබරවාරි 17, 2025 දින පාමංකඩ ප්‍රදේශයේ දී බීමත්ව රිය පදවා විදුලි කණුවක හැපී දේපල හානි සිදු කළ රියදුරෙක් අත්අඩංගුවට ගැනීම වාර්තා වී තිබුණේ මේ අයුරිනි.
* ලංකාදීප – “සූර්වී කතක පැදවූ කාරය විදුලි කණුවේ හැපී ගිනිගෙන අළුවෙයි”
1) රිය අනතුරු පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී රියදුරුගේ ස්ත්‍රී පුරුෂ භාවයක් සිරස්තලය තුළ විශේෂයෙන් ඉස්මතු කොට දැක්වීම අවශ්‍යද? ස්ත්‍රී පුරුෂ භාවය ඉස්මතු නොකිරීමෙන් මෙම පුවතේ අන්තර්ගතයට හානියක් සිදු වේද?
2) කාන්තාවක නොව, පුරුෂයෙකු සම්බන්ධ වූ රිය අනතුරක දී පවා, මෙම පුවතේ ආකාරයට රිය පදවා ගෙන ආ අයගේ ස්ත්‍රී පුරුෂ භාවය විශේෂ කොට දැක්වෙන අවස්ථා ඔබ දකින්නේද?
3) කාන්තාවන් රිය පැදවීම සම්බන්ධයෙන් විවිධ ඒකාකෘතික කිරීම් (stereotypes) තවමත් අප සමාජය තුළ පවතින පසුබිමක, මෙවැනි ඉස්මතු කිරීම් ඔස්සේ, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගනිමින් කාන්තාව කොන් කෙරෙන අදහස් ප්‍රවර්ධනය නොවන්නේද?


0 Comments