“මත්ලෝලීයා” සුදුසුද?
* සිරස්තලය – ”පොලිසියෙන් බේරෙන්න පැන්න මත්ලෝලියාට හැමිල්ටන් ඇළෙන් මරණ දඬුවම.”
වාර්තාවූ දිනය: (දෙසැම්බර් 02, 2025)
මෙම වාර්තාකරණයෙහි ගැටලු දෙකක් නිරීක්ෂනය කල හැක.
1)මෙම සිරස්තලයෙහි සඳහන් පරිදි ”මත්ලෝලියා” යන්න ගැටලුකාරී වන්නේ ඇයි?
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු සමුදායක් හේතු කරගෙන සිදුවන, සුව කළ හැකි තත්ත්වයක් මිස, හුදු මත්ද්‍රව්‍ය සඳහා ලොල් වීමක් නොවේ. එසේ නම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හැඳින්වීමට ඇතැම් විට මාධ්‍ය භාවිත කරන “මත්ලෝලී”, “මතට ලොල්” වැනි යෙදුම් ඔස්සේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වැරදි අදහසක් සමාජගත නොවන්නේ දැයි පාඨක අප ඇසිය යුතුයි.
ඒ අනුව, මෙම සිරස්තලය සඳහා “මත්ලෝලීයා”යනුවෙන් පවසනවාට වඩා, “මත්ද්‍රව්‍ය භාවිතා කරන්නනෙකු ” යනුවෙන් සඳහන් වූයේ නම් එය වඩාත් උචිත නොවන්නේ ද?
2)මෙම සිරස්තලය එම පුද්ගලයාගේ මරණය ව්‍යංගයෙන් සාධාරණීකරණය කිරීමක්ද?
“මත් ලෝලියා” යන යෙදුම භාවිත කිරීමෙන්, පාඨකයා තුළ අදාළ පුද්ගලයා කෙරෙහි ඇතිවන සානුකම්පිත හැඟීම යටපත් නොවන්නේද?
එමඟින් “ඔහු මත් ලෝලියෙක් බැවින් ඔහුට එසේ වීම සාධාරණයි” යන වැරදි ආකල්පය පාඨකයා තුළ ඇති නොකරන්නේද?
සෑම පුද්ගලයෙකුටම – ජීවත් වීමේ අයිතියක් ඇත. සිද්ධිය සහ පුද්ගලයාගේ අනන්‍යතාව එකට සම්බන්ධ කිරීමෙන්, ඔහුගේ මරණය සාධාරණීකරණය වීමක් නොවන්නේද?
සහකම්පිත වාර්තාකරණයක නියැලෙමු!


0 Comments