Ethics Eye

මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ තීරණාත්මක ප්‍රශ්න.

සිදුවීම – මහනුවර ජාත්‍යන්තර පාසලක අධ්‍යක්ෂවරයාගේ මෝටර් රථයට යට වී එම පාසලේම ඉගෙනුම ලබන හත් හැවිරිදි සිසුවෙකු මිය යාමත්, තවත් සිසුවෙකු තුවාල ලැබීමත් පිළිබඳ පුවතක් 2026 මාර්තු 12 දින රාත්‍රී ප්‍රධාන පුවත් විකාශනවල වාර්තා විය.

එම අනතුර ඇසින් දුටු දරුවෙකුගෙන්, සිදුවීම පිළිබඳ ප්‍රකාශ ලබා ගන්නා දර්ශන කිහිපයක් මාධ්‍ය විසින් විකාශය කර තිබුණි. එම දරුවාගේ මුහුණ බොඳ කර තිබුණද, ඔහුගේ හඬ පැහැදිලිව ඇසුණි.

දැනුවත් කැමැත්ත ලබා ගැනීම පිළිබඳව (Consent)

*දෙමාපිය අවසරය: දරුවා ප්‍රශ්න කිරීමට සහ ඔහුගේ හඬ පටය විකාශය කිරීමට පෙර, ඔහුගේ දෙමාපියන්ගෙන් හෝ නීත්‍යානුකූල භාරකරුවන්ගෙන් පැහැදිලි අවසරයක් ලබා ගත්තේද?

*බලපෑම පිළිබඳ දැනුවත් කිරීම: මෙම ප්‍රකාශය ප්‍රසිද්ධියේ විකාශය කිරීමෙන් දරුවාට ඉදිරියේදී ඇතිවිය හැකි සමාජීය සහ මානසික බලපෑම් පිළිබඳව දෙමාපියන්ව නිසි ලෙස දැනුවත් කළේද?

*හඳුනාගැනීමේ අවදානම: මුහුණ ආවරණය කළද, දරුවාගේ හඬ සහ ඔහු පවසන විස්තර මගින් අසල්වැසියන්ට සහ හිතවතුන්ට ඔහුව පහසුවෙන් හඳුනාගත හැකි බව ඔබ සලකා බැලුවේද?

මානසික කම්පනය පිළිබඳව (Trauma)

*නැවත කම්පනයට පත්වීම: තම මිතුරා මියගිය අයුරු දුටු දරුවෙකු ලවා එම බිහිසුණු සිදුවීම නැවත විස්තර කරවීමෙන්, ඔහු තවදුරටත් මානසික කම්පනයට පත්වන බව ඔබ තේරුම් ගත්තේද?

*වෘත්තීය වගකීම: ප්‍රවෘත්තියක “සංවේදී බව” (Sensationalism) වැඩි කිරීමට වඩා දරුවෙකුගේ මානසික සුවපත්භාවය සුරැකීම මාධ්‍යයේ වගකීමක් ලෙස ඔබ පිළිගන්නවාද?

මිතුරෙකුගේ මරණය ඇසින් දුටු දරුවෙකුගෙන් ඒ පිළිබඳ මාධ්‍ය ප්‍රකාශ ලබා ගැනීම සුදුසුද?

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This