රොච්චයිල් වත්තේ පදිංචි තරුණයෙකු, පසුගියදා දිවි තොර කරගත් පුවත ලංකාදීප, අරුණ සහ දිනමිණ පුවත්පත් තුළ පළ වී තිබිණි.
එම වාර්තාකරණයන් තුළ තිබූ දිවි තොරකර ගැනීම් වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනයන් අපි පෙන්වා දුන්නෙමු (එයට පිවිසීම මෙතනින්: https://www.facebook.com/share/p/1BYfAyDtM5/ )
අද ලංකාදීප කතුවැකිය (සැප් 10, 2025) තුළ එම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා වී තිබේ.
කතුවැකිය තුලින් අදාල ගැටලුව සාකච්ඡාවට ගැනීම අතිශය වැදගත් වන අතර එමඟින් මෙවැනි සමාජ ප්‍රශ්න දෙස ගැඹුරින් බැලීම අගය කල යුතුය.
සියදිවි නසා ගැනීම සම්බන්ධව එම කතු වැකිය මතු කරන එක් කාරණයක් සියදිවි නසා ගැනීම ගැන ඇති මාර්ගෝපදේශයන්ට අනුකූල නොවේ. දිවි තොර කර ගැනීම යනු දුබල පුද්ගලයෙකු ගන්නා අනුවණ තීරණයක් (අදාළ දිවි තොර කර ගැනීම හෝ පොදුවේ දිවි තොර කර ගැනීම්) ලෙස කතුවැකිය සඳහන් කරයි.
මාධ්‍ය ආචාර ධර්මවලට අනුව, සිය දිවි හානි කරගන්නා පුද්ගලයන්ට දොස් පැවරීම නොකළ යුත්තේ, එය සංකීර්ණ ගැටලුවක් සරල කිරීම, හානිකර ඒකාකෘති පැතිරවීම සහ “අනුකරණ” සියදිවි හානිකර ගැනීම්වල අවදානම වැඩි කරන බැවිනි. සියදිවි හානි කරගැනීමට තනි හේතුවක් නොමැත; එය බොහෝ විට මානසික සෞඛ්‍ය ත්ත්වයන්ට සම්බන්ධ වූ සංකීර්ණ මහජන සෞඛ්‍ය ගැටලුවකි.
දිවි තොර කර ගැනීමක් පසුපස සෑමවිටම සංකීර්ණ මනෝභාවයන් සහ තත්වයන් සමුදායන් තිබිය හැක.
එම කරුණු සිහි තබා ගනිමින්, දිවි තොර කර ගැනීමක් යනු මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් වන ගැටළුවක් ලෙසින් දකිමින් වාර්තා කිරීම, වගකීම් සහගත මාධ්‍යකරණයක් වනු ඇත.
අද දිවි තොර කර ගැනීම් වැළැක්වීමේ දිනයයි. මෙම මාධ්‍ය වගකීම පිළිබඳව බරපතළව සිතීමට අදිටන් කරගැනීමට සුදුසුම දිනයද අදයි.
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
හදිසි උපකාරක අංක:
* CCC line – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
* ශාන්ති මාර්ගම් – 0717639898
* ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)
මූලාශ්‍ර:
https://iris.who.int/…/258814/WHO-MSD-MER-17.5-eng.pdf
https://www.nuj.org.uk/…/nuj-urges-responsible…


0 Comments