ලිංගික අපයෝජනයක් යනු “අමුතු පාඩමක්” නොවේ!
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසලක සිසුවියකට ලිංගික අතවරයක් කළ බවට පැවසෙන ගුරුවරයෙකු සොයා පොලිසිය මෙහෙයුම් දියත් කර ඇති බව දිවයින (ජන. 20, 2025) පුවතක දැක්වෙන්නේ මෙසේය.
* සිරස්තලය – “10 වසරේ සිසුවියට අමුතු පාඩම් කියා දුන් සියඹලාණ්ඩුවේ ගුරා සොයා මෙහෙයුම්”
ඔබ දකින ආකාරයට,
1) “අමුතු පාඩම්” කියාදීම යන්නෙන්, බාල වයස් ලිංගික අපයෝජනයක් සිදු වී ඇති බව නිවැරදිව සන්නිවේදනය වන්නේ ද? පුවතක මුලින්ම ග්‍රහණය වන සිරස්තලය මෙසේ යෙදීමෙන්, බාල වයස් ලිංගික අපයෝජනයක් සැහැල්ලු කොට නොදැක්වෙන්නේ ද? එය එවැනි අපරාධ සමාජය තුළ සාමාන්‍යකරණය වීමට ද හේතුවක් නොවන්නේ ද?
2) මෙවැනි වරදක සැකකරුවෙකු “ගුරා” යනුවෙන් හැඳින්වීමෙන්, ගුරු වෘත්තිය සහ එහි නියැළෙන්නන් සම්බන්ධයෙන් සෘණාත්මක ආකල්පයක් සමාජ ගත නොවන්නේ ද? (“ගුරා” යන යෙදුම මාධ්‍ය යොදාගැනීම පිළිබඳව අප මින් පෙර කළ පෙන්වා දීම මෙතැනින්: https://www.facebook.com/share/p/18WrtW7nZg/)
3) මාධ්‍යවේදීන්ද අප වෙත පෙන්වා දී ඇති පරිදි, බොහෝ විට පුවතකට සිරස්තල යොදන්නේ පුවත් සංස්කාරක වීම, පුවත් අන්තර්ගතය තුළ නොමැති “අමුතු පාඩම්” සහ “ගුරා” සිරස්තලය තුළට පැමිණීමට හේතුව ද?
ලිංගික අපරාධ සැහැල්ලු කොට වාර්තා නොකරමු!


0 Comments