ලිංගික අපරාධ වගකීමෙන් යුතුව වාර්තා කරමු!
ලිංගික අපරාධයන් හැඳින්වීමේදී “දූෂණය” හෝ “කෙලෙසීම” යන යෙදුම් බහුලව භාවිත වූවත්, එය යෝග්‍ය භාවිතාවක් ද යන්න Ethics Eye මින් පෙර ද සාක්ච්චා කොට ඇත.
එයට හේතු වන්නේ, “දූෂණය” හෝ “කෙලෙසීම” යන යෙදුම් ඔස්සේ, ලිංගික අපරාධයකට මුහුණ පෑවෙකු අපවිත්‍ර වූ බවට අදහසක් ගම්‍ය වීමයි. ලිංගික අපරාධයන්ට ලක් වූවන් සම්බන්ධයෙන් සමාජය තුළ තවමත් පවත්නා ගර්හාත්මක ආකල්පයන්ද සමඟින් බලන විට, එවැනි යෙදුම් ඔස්සේ ලිංගික අපරාධයන්ට ලක් වූවන් තවදුරටත් සමාජය තුළ කොන් වීමේ අවදානමක් නැති දැයි අප ප්‍රශ්න කළ යුතු වේ.
2025.12.16 වන දින අරුණ පුවත්පත ලිංගික අපරාධයන් දෙකක් පිළිබඳව පුවත් වාර්තා කළ ආකාරය මෙහිදී අපට සලකා බැලිය හැක.
පුවත් දෙකෙහිම සිරස්තලය සහ පුවත් අන්තර්ගතය තුළ “දූෂණය” ලෙසින් සඳහන් වේ.
ඔබ සිතන ලෙසට, “දූෂණය” හෝ “කෙලෙසීම” යන යෙදුම් වෙනුවට “ලිංගික අපරාධය” නැතිනම් “ලිංගික අපයෝජනය” යන යෙදුම් වඩාත් යෝග්‍ය නොවන්නේ ද?


0 Comments