Ethics Eye

සමලිංගිකත්වය විකෘතියක් ද?

පසුගිය දිනවල පැවති පොත් ප්‍රදර්ශනයේදී අලෙවි වූ කෘති දෙකක් පිළිබඳව ඉරිදා මව්බිම (2025/10/12) ලිපියක් පළ කර ඇත. එහි ගැටලුකාරී තැන් කිහිපයක් නිරීක්ෂණය කිරීමට තිබුනු අතර එයින් ප්‍රධාන ගැටලු දෙකක් පහත දැක්වේ.

ගෝලීය විද්‍යාත්මක හා වෛද්‍ය ප්‍රජාවන් දශක ගණනාවකට පෙර සිටම සමලිංගිකත්වය යනු මානව ලිංගිකත්වයේ ස්වභාවික විවිධත්වයක් මිස, මානසික රෝගයක්, ව්‍යාකූලතාවක් හෝ අසාමාන්‍ය තත්ත්වයක් නොවන බවට නිගමනයකට එළඹ ඇත.

එලෙස විද්‍යාත්මකව නිගමනයකට එළබ තිබියදී, එය විකෘතිභාවයක් ලෙස එම ලිපියෙහි දැක්වීම කෙතරම් නිවැරදිද? එහි පදනම කුමක්ද?

Queer යනු විෂමලිංගික සහ ස්වීයලිංගික (cisgender) යන සම්මත රාමුවලට අයත් නොවන, පුළුල් පරාසයක අනන්‍යතා හැඳින්වීමට යොදාගන්නා ආවරණ පදයකි.

තම ලිංගික නැඹුරුව හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාවය පිළිබඳව තවමත් ගවේෂණය කරමින් හෝ අවිනිශ්චිතව සිටින පුද්ගලයන්ද මෙයින් අදහස් කෙරේ.

LGBTQIA+ අනන්‍යතාවයන් සත්ව සංසර්ගය හා සමාන කිරීම, Queer ප්‍රජාව අපකීර්තියට පත් කිරීම සඳහා භාවිතාකෙරෙන පොදු දුර්මතයක් ලෙස දැක්විය හැක. එය හානිකර ඒකාකෘතියකි. LGBTQIA+ ප්‍රජාවන් එවැනි ඕනෑම සම්බන්ධයක් තරයේ ප්‍රතික්ෂේප කරමින් එය දැඩිව හෙළා දකී.

LGBTQIA+ ප්‍රජාව සතුන් සමඟ සංසර්ගයේ යෙදෙන බවට වන අදහස තරයේ ප්‍රතික්ෂේප කර තිබියදී සහ ඔවුන් වෙනත් විවිධ සෘණාත්මක ඒකාකෘති (stereotypes) වලට ලක්වන අවස්ථාවක, මෙවැනි අසත්‍ය අදහසක් ප්‍රකාශ කිරීමෙන් ඔවුන්ව තවදුරටත් සමාජයෙන් කොන් කිරීමකට ලක් කිරීමක් නොවන්නේද?

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This