හිටපු ඇමති අකිල විරාජ් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන මාධ්‍යයට අදහස් දක්වයි.
විපක්ෂයේ කිහිප දෙනෙකු මාධ්‍ය හමුවක් කැඳවා, පහසුකම් නොමැතිව නව අධ්‍යාපන ප්රතිසංස්කරණයක් ගෙන ඒම ගැටලුකාරී බව පැවසීය. එහිදී හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ, ඔවුන්ගේ සමයේ දරුවන්ට ටැබ්ස් (Tabs) ලබාදීමට උත්සාහ කළ බවත්, ඒ සඳහා අවශ්‍ය අන්තර්ගතය සකස් කර මුදල් වෙන් කර තිබූ බවත්ය. එහෙත් එවැනි ප්රගතිශීලී වැඩසටහන් එදා කුහක ලෙස විවේචනය කර විරුද්ධ වූ නිසා, කොරෝනා කාලය තුළ දරුවන්ට නිවසේ සිට අධ්‍යාපනය ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි වූ බවද ඔහු පැවසීය.
මෙම පුවත් 2026 ජනවාරි 29 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ දෙවනි දවසටත් වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.
(2026 ජනවාරි 29 දින YouTube වෙත එක්කොට තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments