හෙට ලෝක සියදිවි හානිකරගැනිම් වැළැක්වීමේ දිනය
හෙට, එනම් සැප්තැම්බර් 10 දින ලෝක සියදිවි හානිකරගැනීම් වැළැක්වීමේ දිනයයි. එවන් පසුබිමක තෝරාගත් සිංහල පුවත්පත් කිහිපයක් තුල සියදිවි හානි කරගැනීමේ පුවතක් වාර්තා වී තිබූ ආකාරයන් සලකා බලමු.
දිවි තොර කර ගැනීම් වාර්තාකරණයදී දිවි තොර කරගත් ආකාරය සඳහන් නොකරන මෙන් දක්වන්නේ, එම ක්‍රමය අනුව අනුකාරක සිදුවීම් ඇතිවීමේ අවදානමක් ඇති බැවිනි.
එසේම, දිවි තොර කර ගැනීම පිළිබඳ පුවත් වාර්තාවක් සමගින්, හදිසි උපකාරක අංක සඳහන් කරන මෙන් උපදෙස් දෙන්නේ, එය දිවි තොර කර ගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුගේ ජීවිතයක් ගලවා ගැනීමට උපකාරයක් විය හැකි බැවිනි.
ඒ අනුව, මෙම සිදුවීම කෙතරම් වගකීම් සහගතව මෙම පුවත්පත් වාර්තා කර තිබේ යැයි ඔබ සිතන්නේද?
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
හදිසි උපකාරක අංක:
* CCC line – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
* ශාන්ති මාර්ගම් – 0717639898
* ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)


0 Comments