එක් පුවතක්, ගැටලු දෙකක්
පහත දැක්වෙනුයේ 2026 ජනවාරි 09 වන දින ලංකාදීප පුවත්පතෙහි, බොරලැස්ගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් වටලා සංචාරක වීසා මත මෙරටට පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් ලිංගික සේවා සැපයීමේ යෙදී සිටි තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනෙකු හා එහි කළමණාකාරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ පුවතෙහි හඳුනාගත් ප්‍රධාන ගැටලු දෙකකි.
ගැටලු දෙක:
1.ලිංගික ශ්‍රමිකයන් “ගණිකාවන්” ලෙස හැඳින්වීම.
2.පුවතට අදාළ නොවන කාන්තා බාහිර රූපය “සුරූපි”ලෙස විශේෂණය කිරීම.
1.ලිංගික ශ්‍රමිකයන් “ගණිකාවන්” ලෙස හැඳින්වීම.
“ගණිකාව”,”ගණිකා සේවය”, “ගණිකා මඩම” යන යෙදුම් වෙනුවට, “ලිංගික ශ්‍රමිකයා”, “ලිංගික සේවා සැපයීම”, “ලිංගික සේවා සපයන ස්ථාන” වැනි යෙදුම් යෝග්‍ය නොවන්නේද?
එය සමාජයේම ජීවත් වන තවත් කණ්ඩායමක් අනවශ්‍ය කොන් කිරීමට සහ ගර්හාවට ලක් කිරීම නවතාලනු ඇති නොවේ ද?
2.පුවතට අදාළ නොවන කාන්තා බාහිර රූපය “සුරූපි”ලෙස විශේෂණය කිරීම.
“රූමත්/සුරූපි” යන්න යෙදූ සැනින්, පාඨක අවධානය මෙම ගැඹුරු කරුණු වලින් ඉවත් වී,ඒ වෙනුවට එය හුදෙක් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන තොරතුරක් බවට පත් විය හැක.
මෙවැනි වාර්තාකරණයක මඟින්;
-සිදුවීමට අනවශ්‍ය වර්ණ ගැන්වීමක් එක් නොකරන්නේද?
-එම තත්වයට මුහුණ දුන් අය තවත් අපහසුතාවට හා අපකීර්තියට පත් නොකරන්නේද?
වගකීම් සහගත වාර්තාකරණයක නියැලෙමු!


0 Comments