කාන්තාවන් පමණක් ඍණාත්මක ලෙස හුවා නොදක්වමු!
“කතක් මාට්ටු”: පුවත් සිරස්තලයක සැඟවුණු අගතිය
2025 දෙසැම්බර් 17 වන දින දිනමිණ පුවත්පතේ පළ වූ මොරටුවේ දේපළ සොරකමක් පිළිබඳ පුවතක සිරස්තලය හරහා හඳුනාගත හැකි ප්‍රධාන ගැටලු දෙකක් මෙසේය.
01. කාන්තාව පමණක් සෘණාත්මක ලෙස ඉස්මතු කිරීම
සොරකමකට සම්බන්ධ වූ පිරිස අතර පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවයම සිටියදී, “කතක්” (කාන්තාවක්) යනුවෙන් විශේෂ කොට දැක්වීම කෙතරම් ආචාර ධාර්මිකද?
මෙවැනි සිරස්තල මගින් අපරාධයට වඩා ලිංගභේදය ඉස්මතු කිරීම හරහා, කාන්තාව දෙස පමණක් වරදකාරී දෘෂ්ටියකින් බැලීමට සමාජය පොළඹ නොවන්නේද?
02. “මාට්ටු” සහ පූර්ව විනිශ්චය
නීතිමය ක්‍රියාදාමය පසෙක ලා “මාට්ටු” යන්න භාවිතය තුලින් ප්රවෘත්තියකට අනවශ්‍ය නාටකීය බවක් එක් කෙරිය හැකි අතර, ඔවුන් දැනටමත් වරදකරුවන් ලෙස සිතීමට පාඨකයා තුළ පෙළඹවීමක් ඇති විය නොහැකිද?
*යෝජිත විකල්ප සිරස්තලය
පවතින සිරස්තලයෙහි ඇති “කතක්” සහ “මාට්ටු” යන දෝෂ ඉවත් කර, කරුණු මත පදනම් වූ (Fact-based) වඩාත් නිවැරදි සිරස්තලයක් පහත පරිදි යෝජනා කළ හැක:
“මොරටුවේ නිවසක් බිඳ රු. ලක්ෂ 50ක දේපළ සොරාගත් සිව්දෙනෙක් අත්අඩංගුවට”
වගකීම් සහගත වාර්තාකරණයක් වෙනුවෙන් පෙළගැසෙමු!


0 Comments