කාන්තාව විශේෂ කර දැක්විය යුතුද?
කෑගල්ල බන්ධනාගරයට මත්ද්‍රව්‍ය රැගෙන යෑමට තැත්කල පුද්ගලයින් තිදෙනෙකු පිළිබඳ පුවතක් අද දින (2025.10.09) අරුණ පුවත්පතේ මෙසේ දක්වා ඇත.
එකම වරදකට කාන්තාවන් හා පිරිමි දෙපාර්ශවයම අත්අඩංගුවට ගත් අවස්ථාවකදී, මෙසේ කාන්තාව පමණක් විශේෂ කොට දක්වන්නේ ඇයි?
එම සැකකරුවන්ගේ ස්ත්‍රී පුරුෂභාවය පුවතට අදාලද?
එය එසේ අදාල නොමැති අවස්ථාවක, ස්ත්‍රී පුරුෂභාවය විශේෂකොට දැක්වීමෙන් සිදුවන්නේ එම වරදෙහි වැඩි වගකීම එක් පාර්ශවයකට පමණක් පැවරීම නොවේද?
පුවතට අදාල නොවන අවස්ථාවන්හිදී, ස්ත්‍රී-පුරුෂභාවය විශේෂ කර දැක්වීමෙන් වලකිමු! වගකීම් සහගත වාර්තාකරණයක නියැලෙමු!


0 Comments