Ethics Eye

“කුඩ්ඩෙක්” ද? මතට ඇබ්බැහි වූවෙක් ද?

මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රජයේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ඔක්තෝබර් 30 වන දින ආරම්භ විය. මෙම මෙහෙයුමේ සාර්ථකත්වය සඳහා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කර නැවත සමාජයට ගෙන ඒම අත්‍යවශ්‍ය අංගයක් වන අතර, ඒ සඳහා මාධ්‍ය වාර්තාකරණය ඉතා වැදගත් වේ. එම නිසා, මාධ්‍ය ආයතන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පිළිබඳ වාර්තා කිරීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය.

මාධ්‍ය වෙත මූලාශ්‍ර සපයන ලාභ නොලබන ආයතනයක් වන Reporting on Addiction (RoA) විසින් මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහිවීම සහ පුනරුත්ථාපනය පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීමට උචිත වන භාෂාව හා දෘශ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් පහත නිර්දේශ ඉදිරිපත් කරයි:

*මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම මහජන සෞඛ්‍ය ගැටළුවක් ලෙස දක්වන්න: මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු රාශියක් හේතුවෙන් සිදුවන, පුනරුත්ථාපනයෙන් විසඳිය හැකි තත්ත්වයක් බව දැක්වීමෙන්, ඉන් පෙළෙන පුද්ගලයින් තුළ සුව වීමේ අපේක්ෂාවක් ඇති කළ හැකිය.

*මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හෝ මත්ද්‍රව්‍ය දැක්වෙන ඡායාරූප පළ නොකරන්න: මෙය මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට හා පුනරුත්ථාපනයට යොමු වී ඇති පුද්ගලයින්ට විය හැකි ඍණාත්මක මානසික බලපෑම හා හානිය අවම කිරීමට උපකාරී වේ.

*මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පිළිබඳ කොන් කිරීමේ හෝ ගර්හාවේ ආකල්පයක් ජනිත කරවන සුළු අදහස් පළ නොකරන්න! සහකම්පනය පදනම් කරගත් වාර්තාකරණයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට විය හැකි හානිය අවම කළ හැකිය.

ඒ අනුව, 2025.11.03 ලංකාදීප පුවත්පතේ පළ වූ පුවතක් සහ 2025.11.02 ඉරිදා දිවයින කතුවැකිය පහතින් දැක්වේ. ම කතුවැකිය රජයේ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුමට සහයෝගය ද දක්වා තිබින.

කෙසේ වූවද මෙම ලිපි දෙකෙහිම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සඳහා “කුඩ්ඩන්” යන්න යොදාගෙන තිබුනි.

මෙම පුද්ගලයන් හැඳින්වීමට “කුඩ්ඩන්” වැනි ඍණාත්මක වචන භාවිත කිරීම, සහකම්පනය පදනම් කරගත් වාර්තාකරණයට බලපෑමක් එල්ල කරයි.

එයින්, ඔවුන් පුනරුත්ථාපනය වී නැවත සමාජයට පැමිණීමට ද බලපෑමක් එල්ල කිරීමට ඉඩ ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පිළිබඳ වාර්තා කිරීමේදී, සහකම්පනයෙන් යුතුව වාර්තා කරමු.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This