Ethics Eye

ඝාතන-දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!

ඝාතන-දිවි තොර කර ගැනීම් වාර්තාකරණය සම්බන්ධයේදී මාධ්‍ය අතිශයින්ම ප්‍රවේසම් සහගත වීමත්, මාධ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැදීමත් අත්‍යවශ්‍ය වන්නේ, දිවි තොර කර ගැනීම් වගකීම් සහගත නොවන ලෙසින් වාර්තා කිරීම නිසා, අනුකාරක සිදුවීම් පවා ඇතිවීමේ අවදානමක් ඇති බැවිනි.

2025, නොවැම්බර් 17 දින වාර්තා වූ ඝාතන-දිවි තොර කර ගැනීමක් සම්බන්ධ පුවතක් අරුණ,දිවයින සහ මව්බිම පුවත්පත්වල වාර්තා වූයේ පහත ආකාරයටය.

මෙම වාර්තාකරණය,

අරුණ සහ දිවයින පුවත්පත් දෙකෙහිම මුල්පිටු සිරස්තලයන් ලෙස දක්වා ඇත.

-දිවි තොර කරගත් ක්‍රමය දක්වා ඇත.
-පුවත්පත් තුනෙහිම හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.
-දිවි තොර කරගත් අයගේ ඡායාරූප පළ කර ඇත.

දිවි තොර කර ගැනීම් වාර්තා කිරීමේදී පිළිපැදිය යුතු ආචාරධර්ම හා මාර්ගෝපදේශ පිළිබඳ අප මීට පෙර බොහෝ අවස්ථා වල අවධානය යොමු කර ඇත.

දිවි තොර කර ගැනීම් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී – විශේෂයෙන්ම සිරස්තල තුළ- ඒ සඳහා භාවිතා වූ ක්‍රමය සඳහන් නොකරන මෙන් මාධ්‍ය මාර්ගෝපදේශයන් ඔස්සේ උපදෙස් ලබා දෙන්නේ, එමගින් එම ක්‍රමයන් භාවිතා වන අනුකාරක සිදුවීම් වලට මගපෑදීමේ ඉඩක් පවතින හෙයිනි.

දිවි තොර කරගත් අයගේ ඡායාරූප පළ කිරීම හරහා මියගිය පුද්ගලයාගේ ගෞරවයට හානියක් වන අතර, ශෝකයෙන් සිටින පවුලේ සාමාජිකයන්ට දැඩි මානසික පීඩාවක්/කම්පාවක් ඇති කළ හැක.

එසේම, දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී හදිසි උපකාරක අංක සඳහන් කිරීමද අත්‍යාවශ්‍ය වන්නේ, එය තවත් ජීවිතයක් බේරාගැනීමට උපකාරී වනු ඇති බැවිනි.

සියදිවි නසාගැනීම් පිළිබඳ පුවත් වගකීම් සහගතව වාර්තා කරමු!

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

දිසි උපකාරක අංක: CCC line – 1333

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308

ශාන්ති මාර්ගම් – 0717639898

ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This