ජූලි 13 Facebook Live අතරතුර පුද්ගලයෙකු දිවි තොර

කරගැනීමේ සිදුවීමට පෙර (ජූලි 07-12) දක්වා වාර්තා වූ පුවත්.
ඊයේ දින(2026.07.13) Facebook Live (සජීවි විකාශයක්) අතරතුර පුද්ගලයෙකු දිවි තොර කරගැනීමේ සිදුවීමක් වාර්තා විය.
ඊට පෙර සතියේ දිවි තොර කරගැනීම් සහ දිවි තොර කරගැනීමට තැත් කරගැනීමේ සිදුවීම් කීපයක්ම වාර්තා වූ අතර ඒවායේ ගැටලු කිහිපයක් දක්නට ලැබිණි.
*දිවි තොර කරගැනීමේ හෝ ඊට තැත් කළ ආකාරය වාර්තා කිරීම.
මෙමඟින් දිවි තොර කර ගැනීමට හෝ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ නැඹුරුතාවයක් ඇති පුද්ගලයන්ට එය අනුකරණය කිරීමට පෙළඹිය හැකිය.
*සිරස්තලයේ දිවි තොර කර ගැනීමේ පුවතක් ලෙස වාර්තා කිරීම.
එම පුවතට ප්‍රමුඛතාවයක් හිමිවන අතර එමඟින් දිවිතොර කර ගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකුට උත්ප්‍රේරකයක් සැපයිය හැකිය.
*උපකාරක අංක පළ නොකිරීම.
අවදානම් තත්ත්වයක සිටින අයෙකුට අවශ්‍ය වෘත්තිමය සහාය ලබාගැනීමට උපකාරක අංක පළ කිරීම වඩාත් මානුෂීය පියවරකි.
දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

0 Comments