දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
2026.08.18 දින වාර්තා වූ දිවි තොර කරගැනීමේ පුවත් සහ ගැටලු තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්.
සිරස්තලයේ දිවි තොර කර ගැනීමක් ලෙස වාර්තා නොකළ යුත්තේ ඇයි?
එම පුවතට ප්‍රමුඛතාවයක් හිමිවන අතර එමඟින් දිවිතොර කරගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකුට එය උත්ප්‍රේරකයක් විය හැකිය. පර්යේෂණවලට අනුව, මෙවැනි පුවත් නිරන්තරයෙන් දැකීමෙන් මානසිකව පීඩාවට පත් වූවන් එම ක්‍රියාවන්ට පෙළඹීමට දැඩි අවදානමක් (Suicide Contagion) ඇති කළ හැක.
දිවි තොර කරගත් ආකාරය වාර්තා නොකළ යුත්තේ ඇයි?
මෙමඟින් දිවි තොර කර ගැනීමට හෝ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ නැඹුරුතාවයක් ඇති පුද්ගලයන්ට එය අනුකරණය කිරීමට පෙළඹිය හැක.
දිවි තොර කරගැනීමට පෙර අවසන් වරට ලියූ ලිපිවල කොටස් පළ නොකළ යුත්තේ ඇයි?
මෙමඟින් අනුකාරක දිවි තොර කර ගැනීම් සඳහා අනුබල දීමක් සිදු විය හැක.
උපකාරක අංක පළ කළ යුත්තේ ඇයි?
මෙමඟින් පීඩාවට පත් අයෙකුට ක්ෂණිකව සහාය වීමටත්, අවදානම් සිතුවිලි වෙනතකට යොමු කර ජීවිත රැක ගැනීමටත් සෘජුවම හැකියාව ලැබේ.
මූලාශ්‍ර:
https://www.datocms-assets.com/…/1669653344-13763…
http://who.int/…/men…/suicide-prevention-journalists.pdf
https://www.sactrc.org/wp-content/uploads/2019/07/NEW-1.pdf


0 Comments