Ethics Eye TV Coverage

දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

2025, නොවැම්බර් 06 දින දිවි තොර කර ගැනීමක් සම්බන්ධ පුවතක් හිරු රාත්‍රී ප්‍රධාන පුවත් වාර්තා කර තිබිණි.

මෙම වාර්තාකරණයේ,

*දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.

*හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.

*දිවි තොර කරගත් අයගේ ඡායාරූප පළ කර ඇත.

*දිවි තොර කර ගැනීමට පෙර ලියූ ලිපි පළ කර ඇත.

*දිවි තොර කර ගැනීමට හේතුව සරල කොට දක්වා ඇත.

*දිවි තොර කර ගැනීම් වාර්තාකරණයේදී දිවි තොර කරගත් ආකාරය සඳහන් නොකරන මෙන් දක්වන්නේ, එම ක්‍රමය අනුව අනුකාරක සිදුවීම් ඇතිවීමේ අවදානමක් ඇති බැවිනි.

*දිවි තොර කර ගැනීම පිළිබඳ පුවත් වාර්තාවක් සමගින්, හදිසි උපකාරක අංක සඳහන් කරන මෙන් උපදෙස් දෙන්නේ, එය දිවි තොර කර ගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුගේ ජීවිතයක් ගලවා ගැනීමට උපකාරයක් විය හැකි බැවිනි.

*දිවි තොර කරගත් අයගේ ඡායාරූප පළ කිරීම හරහා මියගිය පුද්ගලයාගේ ගෞරවයට හානියක් වන අතර, ශෝකයෙන් සිටින පවුලේ සාමාජිකයන්ට දැඩි මානසික පීඩාවක්/කම්පාවක් ඇති කළ හැක.

ඡායාරූප මගින් මෙම සිදුවීම භාවාතිෂය (sensationalise) කිරීමක ලක් විය හැක.

තොරතුරු විස්තරාත්මක වන තරමට අනුකරණය කිරීමේ අවදානමද ඉහළ යයි.

ඒ අනුව, ආචාරධාර්මික වාර්තාකරණයේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරයි:

පුද්ගලයන්ට පෞද්ගලිකව ශෝක වීමට ඇති අයිතියට ගරු කිරීම.

අවසරයකින් තොරව ඡායාරූප පළ නොකිරීම.

*මියගිය පුද්ගලයා විසින් ලියා තැබූ සටහන් හෝ ලිපි (Suicide Notes) කිසිවක් ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රචාරය නොකරන්නේ එය ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය වන බැවිනි. එමෙන්ම, ජීවිතය නැති කරගත් අයගේ පවුල් සාමාජිකයන් බොහෝ විට දැඩි ශෝකයෙන්, වරදකාරී හැඟීම්වලින්, සහ සමාජ අපකීර්තියෙන් පීඩා විඳිති. සියදිවි නසාගැනීමේ සටහනක අන්තර්ගතය ප්‍රසිද්ධ කිරීම තුළින් එය තිීව්‍ර කළ හැක.

*දිවි තොර කර ගැනීමට හේතුව සරල කොට නොදැක්විය යුත්තේ දිවි නසා ගැනීම වැනි බරපතල තීරණ ගැනීමට යොමු වන්නේ තේරුම් ගැනීමට අපහසු මානසික තත්ත්වයන් වල සිටින පුද්ගලයන් නිසා සහ එවැනි පසුතලයකදී මරණයට හේතුව අනුමාන කිරීම හෝ එය සුළු කොට දැක්වීම නොකළ යුතු නිසාය.

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:

* CCC line – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
* ශාන්ති මාර්ගම් – 0717639898
* ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This