Ethics Eye

නිවැරදි කිරීමයි: මෙහි සඳහන් දිනය 20.02.2025 වෙනුවට 20.02.2026 ලෙස කියවිය යුතුය. ප්‍රමාද දෝෂය ගැන අපගේ කණගාටුව.

සිදුවීම කෙටියෙන්: ගුවන් යානයක් තුළදී චීන ජාතික දැරියක අපයෝජනය කළ බවට සැකපිට චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගනී.

නිරීක්ෂණය: සිංහල මාධ්‍ය තුළ සෑම විටම “චීනා” යන යෙදුම භාවිත වන්නේ සෘණාත්මක අර්ථයකිනි. විශේෂයෙන්ම නීති විරෝධී හෝ සමාජ විරෝධී ක්‍රියාවක් පිළිබඳ වාර්තා කිරීමේදී මෙම යෙදුම භාවිත වීම දැකිය හැක.

ගැටලුව: මෙමගින් සමස්ත චීන ජාතිය පිළිබඳවම වැරදි ඒකාකෘතියක් නිර්මාණය කළ හැක. අදාළ පුද්ගලයා හෝ කණ්ඩායම ගරහාවට හා කොන් කිරීමට ලක් කිරීමක් ද සිදු විය හැක.

විසඳුම: වඩාත් නිවැරදි යෙදුම වන්නේ “චීන ජාතිකයා” යන්න භාවිතයයි.

වාර්තාකරණයේදී “චීනා” වෙනුවට “චීන ජාතිකයා” යන්න භාවිතා කරමු!

No photo description available.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This