Ethics Eye

පසුබිම: ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, 2026 මාර්තු 06 දින අරුණ පුවත්පතේ පළ වූ වාර්තාවකි. මෙහි විස්තර වන්නේ බස්නාහිර පළාතේ නොවිධිමත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින එකම මෝටර් රථ කාර්මික උපදේශිකාව පිළිබඳවයි.

ගැටලුකාරී වාර්තාකරණය: “සුකුමල දෑතින් රළු යකඩ නවන මෝටර් රථ කාර්මික උපදේශිකාව”

හානිය: පුවතේ අන්තර්ගතය තුළ ඇයගේ නිපුණත්වය අගය කළ ද, සිරස්තලය තුළ ඇය පිළිබඳව සඳහන් වන්නේ “සුකුමල දෑත්” සහ “රළු යකඩ” වැනි පරස්පරතා පදනම් කරගෙනය. මෙවැනි භාවාතිශය වාර්තාකරණයක් තුළින් තාක්ෂණික ක්ෂේත්‍රයක කාන්තාවකගේ දායකත්වය සුවිශේෂී සිදුවීමක් ලෙස හැඟවීමක් සිදු නොවන්නේ ද?

කාන්තාවක් නම් සුකුමාල ලෙස හැඳින්වීම හරහා ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය ඒකාකෘතීන් අභියෝගයට ලක් කරනවා වෙනුවට ඒවා තවත් රෝපණය නොකරන්න ද? ඒ හරහා අගතිගාමී ආකල්ප සාමාන්‍යකරණය නොවන්නේ ද?

ඔබට සිතන්නට: ශීඝ්‍රයෙන් වෙනස් වන වෘත්තීය පරිසරයක් තුළ, පුද්ගලයකුගේ නිපුණතාවය පුවතක හරය ලෙස පවත්වා ගැනීම සඳහා සිරස්තල මීට වඩා උචිත ලෙස සකස් විය යුතු නොවේ ද?

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This