Ethics Eye

මතුපිට වචනයට යටින් සැඟවුණු අගතීන්

“චීනා”, “චීන්නු” යන වචන ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ගැටලුකාරී වන්නේ ඒවා හුදෙක් අවිධිමත් යෙදුම් නිසාම නොවේ. එම භාවිතයන් බොහෝ විට ඍණාත්මක (negative) සන්දර්භයන් තුළ සිදුවන වන අතර, ඒ හරහා සමාජයේ පවතින සියුම් අගතිගාමී අදහස් (subtle prejudices) පෝෂණය වීමක් සිදුවිය හැක.

මෙය සිදුවන ආකාරය සරලව විමසා බලමු.

*වචනය “ලේබලයක්” බවට පත්වීම.

ප්‍රවෘත්තියකදී “චීන ජාතිකයෙක්” යැයි කියන විට, එය පුද්ගලයෙකු පිළිබඳ විස්තරයකි. නමුත් “චීනා”, “චීන්නු” යැයි කියන විට, එය පුද්ගලයෙකුට වඩා “ලේබලයක්” හෝ “මුද්‍රාවක්” බවට පත් විය හැක. එය වඩාත් ගැටලුකාරී වන්නේ මෙම ලේබල් කිරීම ඍණාත්මක සන්දර්භ වල සිදු වන බැවිනි.

*ඍණාත්මක සන්දර්භය සමග සම්බන්ධ වීම.

ඉහත සිරස්තල දෙස බලන්න. “චීනා”, “චීන්නු” යන වචන භාවිතා වී ඇත්තේ සමාජ හෝ නීති විරෝධී ක්‍රියා වාර්තා කිරීමේදීය. එමගින් දැනටමත් සමාජයේ චීන ජාතිකයන් කෙරෙහි ඇති අගතිගාමී අදහස් තවදුරත් තහවුරු කිරීමක් සිදුවිය හැක.

එබැවින්, “චීනා” යනුවෙන් සඳහන් කිරීමෙන් වැළකීම, භාෂාත්මක නිවැරදි බවටත් වඩා, අගතියෙන් තොර, මධ්‍යස්ථ සහ වගකීම් සහගත වාර්තාකරණයක් උදෙසා අත්‍යවශ්‍ය පියවරකි.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This