Ethics Eye Newspaper coverage

මෙම සිරස්තලය ඔබ අනුමත කරන්නේද?

සිදුවීම: කොළඹ ප්‍රදේශයේදී බාලවයස්කාර දැරියක සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව “ලංකාදීප” පුවත්පතේ 07.01.2026 පළවූ වාර්තාවකි.

සිරස්තලයේ ගැටලු තුනක්

1.අපරාධයේ බැරෑරුම්කම හෑල්ලු කිරීම: බාලවයස්කාර දැරියක සම්බන්ධ ලිංගික අපයෝජනයක් හෝ අනිසි හැසිරීමක් හුදු “අනඟ රැගුමක” ලෙස හුවා දැක්වීම හරහා එම ක්‍රියාවේ පවතින බැරෑරුම්කම සමාජය හමුවේ හෑල්ලු විය හැක.වයස අවුරුදු 16ට අඩු අයෙකු සමඟ සිදුවන ඕනෑම ලිංගික ක්‍රියාවක්, කැමැත්ත ඇතැයි කීවද, නීතිය හමුවේ බාලවයස්කාර අපයෝජනයක් ලෙස සැලකේ. “අනඟ රැගුමක” ලෙස හැඳින්වීමෙන් මෙහි බරපතලකම අවම විය හැක.

2.සිදුවීමට මුහුණදුන් දැරිය නැවත පීඩාවට පත්කිරීම : සිදු වූ දෙය විස්තර කර ඇති ආකාරය හරහා “විනෝදජනක” හෝ “සෙල්ලක්කාර” සිදුවීමක් ලෙස අර්ථකථනය කිරීම හරහා ඇය සමාජය හමුවේ නැවත වරක් අපහසුතාවයට සහ ලැජ්ජාවට පත්විය හැක.

3.අත්අඩංගුවට ගැනීම වෙනුවට “මාට්ටු” යන්න යෙදීම:”මාට්ටු” යන්නෙන් ප්‍රවෘත්තියකට අනවශ්‍ය නාටකීය බවක් එක් විය හැක.

මාධ්‍ය වාර්තාකරණයේදී, විශේෂයෙන් බාලවයස්කරුවන් සම්බන්ධ සිදුවීම්වලදී, වගකීම් සහගත හා සංවේදී ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වේ.

වඩාත් යහපත් ලෙස වාර්තා කළ හැකිව තිබූ ආකාරය: මෙවැනි සිදුවීමක් වාර්තා කිරීමේදී සිද්ධිය රොමැන්ටික්කරණය කිරීමෙන් වැළකී වාර්තා කිරීම තුලින් හානිය අවම කර ගත හැක.

ඒ අනුව පහත සඳහන් සිරස්තලය වඩාත් සුදුසු වේද?

පොලිස් කොස්තාපල්වරයෙකු සහ බාලවයස්කාර දැරියක අත්අඩංගුවට; පරීක්ෂණ ඇරඹේ.

ඔබේ අදහස් අප සමඟ බෙදා ගන්න.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This