“රූමත්” බව පුවතට අදාළද?
කාන්තාවන් මුහුණ දුන් අපරාධ, ඝාතන හෝ අනතුරු පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී, ඇගේ බාහිර පෙනුම නිරූපණය වන පරිදි “රූමත්”, “සුරූපී” හෝ “සුන්දර” ලෙස විස්තර කිරීම පුවතට කෙතරම් අදාළද? අවශ්‍යද?
“දිනමිණ” පුවත්පත සහ එහි වෙබ් පිටුව මඟින් වාර්තා කරන ලද පුවතක, අපරාධයට මුහුණ දුන් තරුණිය “රූමත්” ලෙස විශේෂ කොට දක්වා ඇත.
අපරාධයකට මුහුණ දුන් තැනැත්තියකගේ බාහිර ස්වරූපය පුවතේ හරයට අදාළ නොවන විටදී, “රූමත්”, “සුරූපී”, හෝ “සුන්දර” ලෙස විස්තර කිරීම මඟින් සිදුවන්නේ කාන්තාවන් බාහිර පෙනුම මුල් කරගත් ඒකාකෘතික (stereotypical) රාමුගත කිරීම්වලට කොටු වීම නොවේද?
පුවතට අනවශ්‍ය නම්, බාහිර පෙනුම පිළිබඳ සඳහන් කිරීමෙන් වළකිමු.
පුවතට අදාළ තොරතුරු පමණක් වාර්තා කරමු!


0 Comments