ලිංගික අපරාධයන් හැඳින්වීමේදී “කෙලෙසීම” යන යෙදුම් බහුලව භාවිත වූවත්, එය යෝග්‍ය භාවිතාවක් ද යන්න Ethics Eye මින් පෙර ද ප්‍රශ්න කර ඇත්තෙමු. අප එසේ ඇසීමට හේතුව වන්නේ, “කෙලෙසීම” යන යෙදුම් ඔස්සේ, ලිංගික අපරාධයකට මුහුණ පෑවෙකු අපවිත්‍ර වූ බවට අදහසක් ගම්‍ය වීමයි. ලිංගික අපරාධයන්ට ලක් වූවන් සම්බන්ධයෙන් සමාජය තුළ තවමත් පවත්නා ගර්හාත්මක ආකල්පයන්ද සමඟින් බලන විට, එවැනි යෙදුම් ඔස්සේ ලිංගික අපරාධයන්ට ලක් වූවන් තවදුරටත් සමාජය තුළ කොන් වීමේ අවදානමක් නැති දැයි අප ප්‍රශ්න කළ යුතු වේ.
පාසල් වෑන් රථයජ තුළ මීට වසර 11කට පෙර නව හැවිරිදි පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරු අත්අඩංගුවට ගැනීමේ පුවත 2025.09.19 දින දිවයින,මව්බිම සහ දිනමිණ පුවත් වාර්තාවන් තුළ දැක්වුණු ආකාරය මෙහිදී අපට සලකා බැලිය හැක.
* දිවයින- “පාසල් වෑන් රථයේදිම නව හැවිරිදි සිසුවිය කෙලෙසූ නරුමයා වසර 25ක් හිරගෙට”
* මව්බිම – “නව හැවිරිදි සිසුවියට ලිංගික අතවරයක් කළ පාසල් වෑන් රියැදුරුට වසර 25ක සිර දඬුවම්”
•දිනමිණ- වසර 11කට පෙර දැරියක අපයෝජනය කළ වෑන් රියදුරා අවු:25ක් හිරේට”
මේ අනුව වඩාත් නිවැරදි සිරස්තලය ලෙස ඔබ තෝරාගන්නේ කුමක්ද?


0 Comments