Ethics Eye

ශ්‍රී ලංකා ලිංගික සෞඛ්‍ය හා HIV වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් 2026.10.14 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී HIV ආසාදිත අනුපාතය එක් කාන්තාවකට පිරිමි පුද්ගලයන් හත්දෙනෙකු බවට සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි අනාවරණය විය.

මේ පිළිබඳව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ‘HIV’ සහ ‘AIDS’ යන්න පටලවාගනිමිනි.

HIV (Human Immunodeficiency Virus): යනු මිනිස් සිරුරට ආසාදනය වන මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයයි.

AIDS (Acquired Immune Deficiency Syndrome): යනු එම වෛරසය මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දරුණු ලෙස දුර්වල කිරීම හේතුවෙන් අවසානයේ ඇතිවන රෝගී තත්ත්වයයි.

HIV ආසාදිත සෑම පුද්ගලයෙකුටම AIDS නොමැත. නිවැරදි නොවන වාර්තාකරණයන් හරහා සමාජය තුළ වැරදි වැටහීම් නිර්මාණය විය හැකි අතර, එය HIV මර්දන කටයුතුවලට ද දැඩි බාධාවක් විය හැක.

නිවැරදිව වාර්තා කරමු. අවබෝධය ගොඩනඟමු!

May be an image of text

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This