Ethics Eye

සෑමවිටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

යම් කිසි ආබාධයක් සහිත පුද්ගලයෙකු සම්බන්ධ වන පුවතක් වාර්තා කිරීමේදී යොදාගත යුතු භාෂාව සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් සම්මුතීන් වෙයි.

එයින් එකක් වන්නේ, අදාළ ආබාධය පුවතට අදාළ වේ නම්, එම පුද්ගලයා “ආබාධිත පුද්ගලයෙකු (A disabled person)” ලෙසින් නොහඳුන්වා ඒ වෙනුවට එම පුද්ගලයා “ආබාධ සහිත පුද්ගලයෙකු (A person with a disability)” ලෙසින් හැඳින්වීමයි.

මෙය හැඳින්වෙන්නේ Person-first language නැතිනම් ‘පුද්ගලයා පළමු වන භාෂාව’ ලෙසයි. එනම් මෙහි අදහස වන්නේ ඒ පුද්ගලයා පළමුව පැමිණෙන බවත්, එම පුද්ගලයාගේ ආබාධ සහිත බව දෙවන තැන ගන්නා බවත් වේ.

මෙම පසුතලය යටතේ, ආබාධ සහිත තැනැත්තන් පිළිබදව වූ පුවත් ද්විත්වයක් දිවයින සහ දිනමිණ පුවත්පත් වාර්තා කොට ඇති අන්දම සලකා බැලිය හැක.

2025 නොවැම්බර් 13 දින දිවයින පුවත්පතේ සදහන් වූ සිරස්තලය වන්නේ,

”ආබාධිත රණවිරුවන්ට උපහාර පිදීමක් හෙට” යනුවෙනි.

නමුත් 2025 නොවැම්බර් 11 දින දිනමිණ පුවත්පතේ සදහන් වූ සිරස්තලය වන්නේ,
“ආබාධ සහිත ප්‍රජාවගේ සුභසාධනයට මිලියන 19,000 ක් “

මෙම සිරස්තල ද්විත්වයෙහි ඇති වෙනස හඳුනාගත හැකි වුවත්,මෙය භාෂාවේ ඇති සියුම් වෙනසක් පමණක් යැයි යමෙකුට තර්ක කළ හැකිය.

නමුත් ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධ සමාජ ආකල්ප වෙනස් කිරීමෙහි ලා මෙම පුද්ගල-ප්‍රථම භාෂාවක් කෙතරම් වැදගත් වේදැයි පාඨක අප විමසිය යුතුයි.

ඒ අනුව, සැබවින්ම මෙම සියලූම පුවත් ධනාත්මක පුවත් වුවත්,

මෙහි “ආබාධිත රණවිරුවන්ට” යන්න වෙනුවට “ආබාධ සහිත”,”විශේෂ අවශ්‍යතා සහිත” යනුවෙන් සඳහන් කිරීම වඩාත් යෝග්‍ය නොවන්නේද?

ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමට සෑමවිටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This