Ethics Eye

සෑම විටම පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

අප සමාජයේ ම කොටසක් වන ආබාධ සහිතව ජීවත් වන්නවුන් හැඳින්වීමේදී, ඔවුන්ගේ ගරුත්වය ආරක්ෂා වන, ඔවුන්ව කිසිම ලෙසකින් කොන් කිරීමකට ලක් නොවන භාෂාවක් මාධ්‍ය වාර්තා සඳහා ද අත්‍යවශ්‍ය වේ.

එහිදී ආබාධ සහිතව ජීවත් වන්නවුන්ගේ එම ආබාධයන් පුවතට අදාළ වන්නේ නම්, එම ආබාධ පිළිබඳව නිවැරදි දැනුමක් ලබා දීම අවශ්‍ය කරුණක් වේ.

එසේම, ආබාධ සහිතව ජීවත් වන අය හැඳින්වීම සඳහා පෙරදී භාවිතා වූ ඇතැම් යල්පැනගිය යෙදුම් යෙදීම සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කිරීමද එලෙසින්ම අවශ්‍ය වේ.

මෙම පුවතේ ආබාධ සහිත පුද්ගලයා සැකකරුවෙකු වුවත්, පොදුවේ ආබාධ සහිත වූවන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කිරීම, ඔවුන් කෙරෙහි සමාජය දක්වන ආකල්ප දියුණු කිරීමට විශාල දායකත්වයක් සපයයි.

එබැවින්,

“ගොළු තරුණයා, ගොළු දෙමිතුරන්” වෙනුවට දිනමිණ පුවත්පතේ සඳහන් කර ඇති පරිදි “කථන ආබාධ සහිත මිතුරා” යන්න වඩාත් යෝග්‍ය වේ.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This