සිදුවීම කෙටියෙන්: තම දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධව චෝදනා ලබා සිටි සැකකරුවෙකු, 2026 මාර්තු 14 වැනි දින දිවි තොර කර ගැනීම.ආචාරධර්මීය නිරීක්ෂණ:
1. දිවි තොර කර ගැනීමේ ක්‍රමය විස්තර කිරීම (දිවයින පුවත්පත පමණක්): මෙමගින් සමාජයේ අවදානම් තත්ත්වයේ සිටින පුද්ගලයන් එම ක්‍රියාව අනුකරණය කිරීමට පෙළඹවිය හැකිය. එම නිසා ක්‍රමය පළ නොකිරීම වඩාත් මානුෂීය නොවේද?
2. උපකාරක අංක පළ නොකිරීම (දිවයින සහ අරුණ පුවත්පත් දෙකම): අවදානම් තත්ත්වයක සිටින අයෙකුට අවශ්‍ය වෘත්තිමය සහාය ලබාගැනීමට උපකාරක අංක පළ කිරීම උපකාරයක් විය හැකි බව ඔබ එකඟ නොවන්නේද?
වඩාත් මානුෂීය වාර්තාකරණයකට මෙම ආචාරධර්මීය කරුණු අනුගමනය කරමු!
හදිසි උපකාරක අංක:
CCC line – 1333
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
ශාන්ති මාර්ගම් – 0717639898
ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (NIMH) -1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)


0 Comments