සිදුවීම කෙටියෙන්: පෙබරවාරි 23 වන දා ගාල්ල වරාය සිර මැදිරිය තුළ සැකකරුවෙකු දිවි තොර කරගැනීම.
ගැටලුව: උපකාරක අංක සඳහන්ව නොතිබීම.
දිවි තොර කරගැනීම පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී උපකාරක අංක සඳහන් කිරීම වැදගත් වන්නේ ඇයි?
පර්යේෂණවලට අනුව, දිවි තොර කර ගැනීමට නැඹුරුවක් ඇති පුද්ගලයින්, සියදිවි නසාගැනීම් පිළිබඳ මාධ්‍ය වාර්තාකරණයන්ට නිරාවරණය වීමෙන් එම ක්‍රියාවට පෙළඹීමේ වැඩි සම්භාවිතාවක් ඇත . එබැවින්, සියදිවි නසාගැනීම් පිළිබඳ වාර්තා කිරීමේදී සහාය ලබාගත හැකි දුරකථන අංක (Helplines) ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය වේ.
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
හදිසි උපකාරක අංක:

CCC line – 1333

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308

ශාන්ති මාර්ගම් – 0717639898

ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)
මූලාශ්‍ර:
https://www.who.int/publications/i/item/9789240076846
https://www.samaritans.org/…/media-guidelines…/
https://ethics.sjmc.wisc.edu/…/a-guide-to-responsible…/
https://reportingonsuicide.org/


0 Comments