Ethics Eye

2026 ජූනි 5 වන දින පළ වූ ‘අරුණ’ පුවත්පතේ කතුවැකියකින් ශ්‍රී ලංකාවේ පහත වැටෙන උපත් අනුපාත සාකච්ඡා කර ඇත. මෙහිදී මුස්ලිම් ප්‍රජාව සාමාන්‍යයෙන් හතරවන සහ පස්වන දරුවා ද බිහි කිරීමට පෙළඹෙන බවටද ප්‍රකාශයක් ද සිදු කර තිබේ.

මෙම ප්‍රකාශයේ පදනම හඳුනා ගැනීම සඳහා අපි දැනට පවතින සාක්ෂි විමර්ශනය කළෙමු. මේ සඳහා ලබා ගත හැකි නවතම සහ ජාතික මට්ටමින් තහවුරු කළ හැකි සංඛ්‍යාලේඛන වන්නේ 2024 ශ්‍රී ලංකා ජනගහන හා නිවාස සංගණනයයි. ජනවාර්ගික කණ්ඩායම් අතරින් මුස්ලිම් කාන්තාවන්ට ඉහළම සඵලතා අනුපාතයක් ඇති බව සංගණනය මගින් පෙන්නුම් කළද, මුස්ලිම් ප්‍රජාව සාමාන්‍යයෙන් දරුවන් හතර දෙනෙකු හෝ පස් දෙනෙකු ලබන බවට වූ නිශ්චිත ප්‍රකාශය සනාථ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් අපට හමු නොවීය.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This