Ethics Eye

2026.08.06 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්.

“ජාවාරමෙක්” ගැටලුකාරී වන්නේ ඇයි?

යම් සැකකරුවෙකු “ජාවාරමා” ලෙස හැඳින්වීම මඟින් සිදුවන්නේ (සැක කටයුතු) ක්‍රියාව විස්තර කරනවා වෙනුවට, පුද්ගලයාගේ චරිතය පාදක කරගනිමින් පූර්ව විනිශ්චයක් ලබා දීමයි. එමනිසා ”ජාවාරමෙක්” වෙනුවට ”සැකකරුවෙක්” ලෙස භාවිත කරමු!

”මාට්ටු” ගැටලුකාරී වන්නේ ඇයි?

මෙවැනි යෙදුම් මඟින් නීතිමය ක්‍රියාදාමය පසෙක ලා ප්‍රවෘත්තියකට අනවශ්‍ය නාටකීය බවක් එක්විය හැකි‍ අතර අදාළ සැකකරුවන් දැනටමත් වරදකරුවන් ලෙස සිතීමට පාඨකයා තුළ පෙළඹවීමක් ඇති විය හැක. එමනිසා “මාට්ටු” වෙනුවට “අත්අඩංගුවට ගෙන ඇත” ලෙස භාවිතා කරමු.

පූර්ව විනිශ්චය ඇති නොකරමින් අදාළ පුවත පමණක් වාර්තා කරමු! 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This