2026.09.03 දින තෝරාගත් සිංහල පුවත්පත්, වෙබ් පිටු, ෆේස්බුක් පිටු සහ 2026.09.02 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරින්.
දිවි තොර කරගැනීම් සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!
දිවි තොර කරගැනීම් සම්බන්ධ පුවත්වලට ප්රමුඛත්වයක් ලබා දෙමින් වාර්තා නොකළ යුත්තේ ඇයි?
එමඟින් දිවිතොර කරගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකුට එය උත්ප්‍රේරකයක් විය හැක. පර්යේෂණවලට අනුව, මෙවැනි පුවත් නිරන්තරයෙන් දැකීමෙන් මානසිකව පීඩාවට පත් වූවන් එම ක්‍රියාවන්ට පෙළඹීමට දැඩි අවදානමක් (Suicide Contagion) ඇති කළ හැක.
දිවි තොර කරගැනීම් සම්බන්ධ පුවත් පිළිබඳව වාර්තා කිරීමේදී උපකාරක සේවා අංක පළ කිරීම වැදගත් වන්නේ ඇයි?
මෙමඟින් පීඩාවට පත් අයෙකුට ක්ෂණිකව සහාය වීමටත්, අවදානම් සිතුවිලි වෙනතකට යොමු කර ජීවිත රැක ගැනීමටත් සෘජුවම හැකියාව ලැබේ.
මූලාශ්‍ර:
https://www.datocms-assets.com/…/1669653344-13763…
http://who.int/…/men…/suicide-prevention-journalists.pdf
https://www.sactrc.org/wp-content/uploads/2019/07/NEW-1.pdf


0 Comments