Ethics Eye

එක් පුවතක්, ගැටලු තුනක්.

2026 ජනවාරි 26 දින අද දෙරණ සිංහල Facebook පිටුවේ පළ වූ පුවතක පහත ගැටලු නිරීක්ෂණය වේ:

දිවි තොර කරගත් ක්‍රමය වාර්තා කිරීම: දිවි තොර කරගත් ආකාරය පිළිබඳ විස්තර වාර්තා නොකරන ලෙස දක්වන්නේ, එමගින් අනුකාරක සිදුවීම් (Copycat suicides) ඇතිවීමේ අවදානමක් පවතින බැවිනි.

ඡායාරූප සහ විශේෂණ පද භාවිතය: මියගිය තරුණියගේ බාහිර ස්වරූපය ඉස්මතු වන පරිදි “රූමතිය” වැනි යෙදුම් භාවිත කිරීම සහ ඇයගේ ඡායාරූප පළ කිරීම, පුවතේ අරමුණ ඉක්මවා ගිය සංවේදීකරණයකට (Sensationalism) මග පාදයි. වගකීම් සහගත වාර්තාකරණයකදී පුද්ගල පෞද්ගලිකත්වය සහ ගෞරවය සුරැකීම වැදගත් වේ.

හදිසි උපකාරක අංක නොදැක්වීම: පීඩාවට පත්ව සිටින අයෙකුට හෝ එවැනි නැඹුරුවක් ඇති අයෙකුට මගපෙන්වීමක් ලබාදීම සඳහා, මෙවැනි පුවත් සමඟ උපකාරක අංක පළ කිරීම අත්‍යවශ්‍ය වේ.

දිවි තොර කරගැනීම් පිළිබඳ පුවත් වාර්තාකරණයේදී වඩාත් වගකීම් සහගත වෙමු. උපකාරක අංක පළ කිරීමෙන් ජීවිතයක් සුරැකීමට දායක වෙමු!

හදිසි උපකාරක අංක:

* CCCline – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
* ශාන්ති මාර්ගම් – 0717639898
* ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This