Ethics Eye TV Coverage

දිවි තොර කරගැනීමක් යැයි සැක පුවත් වුවද වගකීමෙන් වාර්තා කරමු!

බාල වයස් දැරියක් දිවි තොර කර ගත් යැයි සැක පුවතක් ඊයේ (15/10/2025 ) දෙරණ ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබිණි.

මෙහිදී,

* දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.
* හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.
*දිවි තොර කර ගැනීමට සැක අයගේ ඡායාරූප පළ කර ඇත.

දිවි තොර කර ගැනීම් වාර්තාකරණයදී දිවි තොර කරගත් ආකාරය සඳහන් නොකරන මෙන් දක්වන්නේ, එම ක්‍රමය අනුව අනුකාරක සිදුවීම් ඇතිවීමේ අවදානමක් ඇති බැවිනි.

එසේම, දිවි තොර කර ගැනීම පිළිබඳ පුවත් වාර්තාවක් සමගින්, හදිසි උපකාරක අංක සඳහන් කරන මෙන් උපදෙස් දෙන්නේ, එය දිවි තොර කර ගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුගේ ජීවිතයක් ගලවා ගැනීමට උපකාරයක් විය හැකි බැවිනි.

දිවි නසාගත් අයගේ ඡායාරූප, විශේෂයෙන්ම පුද්ගලික හෝ සංවේදී ඒවා පළ කිරීමෙන් “වර්තර් ආචරණය” (Werther Effect) නැමැති තත්ත්වය ඇතිවිය හැකිය. මෙහිදී සියදිවි නසාගැනීම් පිළිබඳ තොරතුරු දැකීමෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් එය අනුකරණය කිරීමට පෙළඹේ.

ඡායාරූප මගින් මෙම සිදුවීම භාවාතිෂය (sensationalise) කිරීමක ලක් විය හැක.

ඡායාරූප පළ කිරීම බොහෝ විට මියගිය පුද්ගලයාගේ ගෞරවයට හානියක් වන අතර, ශෝකයෙන් සිටින පවුලේ සාමාජිකයන්ට දැඩි මානසික පීඩාවක් ඇති කරයි.

ඒ අනුව, ආචාරධාර්මික වාර්තාකරණැයේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරයි:

පුද්ගලයන්ට පෞද්ගලිකව ශෝක වීමට ඇති අයිතියට ගරු කිරීම.

දිවි ගලවා ගත් අය නැවත කම්පනයට පත් කිරීමෙන් වැළකීම.

අවසරයකින් තොරව ඡායාරූප පළ නොකිරීම.

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:

* CCC line – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
* ශාන්ති මාර්ගම් – 0717639898
* ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This