සුදු කත ද? විදෙස් කත ද?
රූමස්සල ප්‍රදේශයේදී, විදේශික කාන්තාවකට මුහුණපෑමට සිදුවූ ලිංගික හිංසනයක් පිළිබඳව 2025.10.16 ලංකාදීප පුවත්පත පළ කර තිබිණි.
එම පුවතේ සිරස්තලය තුළ එම විදේශික කාන්තාව “සුදු කත” යනුවෙන්ද අන්තර්ගතය තුල “විදෙස් කතක්” ලෙසද හඳුන්වා තිබිණ.
විදේශිකයන්ව ඔවුන්ගේ සමේ වර්ණය පදනම් කරගනිමින් “සුද්දා”, “සුදු කත” ලෙස හඳුන්වනවාට වඩා අන්තර්ගතයෙහි සඳහන් “විදෙස් කත” ලෙස හැඳින්වීම වඩාත් උචිත නොවන්නේද?
සදාචාරාත්මක මාධ්‍ය වාර්තාකරණයට වඩාත් උචිත භාෂාවක් භාවිතා කරමු!


0 Comments